IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සිංගප්පුරුව ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවෙන් උදුරා ගනී

කොළඹදී පැවැති අටවැනි ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා පිල පරදවා ලකුණු 48/47 ක තියුණු ජයක් ලබාගත් සිංගප්පුරුව ශූරතාව දිනා ගැනීමට අද (31) සමත්විය. කිසිවකුට සිතාගත නොහැකි තියුණු සටනක් පැවැති අවසන් තරගයේ ලකුණු 47/47 ක් ලෙස සටහන්ව තිබියදී සිංගප්පුරු පිලේ චෙන් හියුෆන් ලබාගත් ලකුණත් සමග පිට පිට දෙවතාවක් ආසියානු කිරුළ හිමිකර ගැනීමට තිබු අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේය. තරගයේ පළමු වටය 12/13 ක් ලෙස සිංගප්පුරුව ජයගත් දෙවැනි වටය ලකුණු 13/13 ක් ලෙස දෙපිලම සම විය. තෙවැනි වටය 11/10 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජයගත් නමුත් සිවුවැනි වටය ජයග‍්‍රහණයේ තීරණය කාලයට ලබාදෙන වටයක් විය. සිවුවැනි වටයේ අවසානය ලකුණු 12/11 ක් ලෙස සිංගප්පුරුව ජය ගත්තේය. තරගාවලිය පුරා ශ්‍රී ලංකා පිලට ජය ගෙනදීමේ පුරෝගාමී ක‍්‍රීඩිකාව වු සම නායිකා තර්ජනී සිවලිංගම් මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 47 ම ඇය ලබාගත් නමුත් අවසන් මොහොතේ ඇය වෙතින් පන්දුව ගිලිහී යාමෙන් ශ්‍රී ලංකාවට පරාජය වැළද ගැනීමට සිදුවිය. ජයග‍්‍රාහී සිංගප්පුරු පිල වෙනුවෙන් යු මේ ලින්ග් ලකුණු 27 ක් ලබා ගත්තාය. චෙන් හියුෆන් ලබාගත් ලකුණු සංඛ්‍යාව 21 කි. සිංගප්පුරු මැද පෙළ ක‍්‍රීඩිකාවන්ගේ දක්‍ෂ පන්දු හුවමාරුව හමුවේ ශ්‍රී ලංකා මැද පෙළ ක‍්‍රීඩිකාවන් පීඩනයකට ලක් වු අතර අවසානයේ සිදු වුයේ දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකීය ක‍්‍රීඩා ලෝලීන්ට අපරාජිතව සිටි ශ්‍රී ලංකා පිලේ අවසන් තරගයේ පරාජය දැකීමටයි. ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරිණී හයිසින්ත් විජේසිංහ මහත්මිය තරගය අවසානයේ පැවසුවේ සුළු අඩුපාඩුකම් නිසා තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය බවයි. තරගාවලියේදී යොවුන් ක‍්‍රීඩිකාවන් දස්කම් අතරට පැමිණීම ශ්‍රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩාවේ අනාගතයට හොඳ ලකුණක් වු බව ද විජේසිංහ මහත්මිය පැවසුවාය. 2001 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති ආසියානු දැල්පන්දු තරගාවලියේද ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී මේ අයුරින්ම එක ලකුණකින් සිංගප්පුරුව හමුවේ පරාජයට පත්විය. එහිදී ලකුණු 54/53 ක් ලෙස සටහන් විය. කොළඹ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩා සංකීර්ණයේදී අද නිමා වු 8 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණ. මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය හොංකොං පිල පරදවා මැලේසියාව (ලකුණු 56/27) දිනා ගත්තේය. ඉන්දියාව, බෲනායි, මාලදිවයින, ජපානය, නේපාලය සහ පාකිස්තානය පිළිවෙලින් පස්වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය ලැබීය. නේපාලය, බෘනායි සහ ජපානය තරගාවලියට අලූතින්ම එක්ව වු රටවල් වේ. නවවැනි ආසියානු දැල්පන්දු ශූරතාවලිය 2014 වසරේදී සිංගප්පුරුවේ පැවැත්වීමට නියමිතය. අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු ක‍්‍රීඩිකාවෝ........ තර්ජනී සිවලිංගම්ගේ උත්සාහයට හරස් වු සිංගප්පුරු ක‍්‍රීඩිකාවක්.....



අදහස් (0)

සිංගප්පුරුව ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවෙන් උදුරා ගනී

වරුණ Saturday, 01 September 2012 02:50 PM

හැමතැනම දැන් ප්‍රශ්න නේද? (නි)

:       0       0

රෝහිත Saturday, 01 September 2012 02:58 PM

කමක් නැහැ. අපේ ක්‍රීඩකයන් තවමත් ඉදිරියෙන් ඉන්නවා. අපේ ලාංකික කෙල්ලන්ට සුභ පැතුම්! (නි)

:       0       0

ගයානි Saturday, 01 September 2012 01:58 AM

ශ්‍රී ලංකා පිලට සුභ පැතුම්. ඔබ උඹ ඉතාම හොදට සෙල්ලම් කළා.. ඉතාම හොදයි..මට විශ්වාසයි අපේ කණ්ඩායම ඊළග තරගාවලියේ ජයග්‍රහණය අපේ මව්බිමට රැගෙන ඒවි කියලා..!!(නු)

:       0       0

හිරු Saturday, 01 September 2012 06:54 AM

ඔබ ලබා ගත් අනුශූරතාවය වුවද රටට ආඩම්බරයකි. (නි)

:       0       0

විමල් Saturday, 01 September 2012 09:10 AM

අපිට ඔබ ආඩමිබරයකි. හදවතින්ම සුභ පැතුමි අපේ දිරිය සොයුරියන්ට!!(නු)

:       0       0

චානක Saturday, 01 September 2012 09:53 AM

අනේ කමක් නැහැ. දානයක් දුන්නා කියලා හිත හදාගමුකෝ. (නි)

:       0       0

පෙ‍රේරා Saturday, 01 September 2012 06:26 PM

ලබන වර ජය නියතයි. සුභ පැතුම්! (නි)

:       0       0

බාලචන්ද්‍රන් Saturday, 01 September 2012 12:25 PM

අපරාදේ අපිට දිනන්න තිබ්බ. කමක් නැහැ. ඔබ විශිෂ්ටයි (දී)

:       0       0

වජිර Friday, 31 August 2012 09:19 PM

ගියොත් ඔහොමමයි. (නි)

:       0       0

ජයරත්න Saturday, 01 September 2012 10:59 PM

අනේ අප්පා අපේ කට්ටියට උන දෙයක්. . ඊළග තරගාවලියේදි ජය ගැනීමට හැකි වේවා..!!(නු)

:       0       0

සංජීව Friday, 31 August 2012 10:01 PM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

සිරි Friday, 31 August 2012 10:15 PM

ඉදිරියටම යන්න. තව නොබෝ කාලයකින් ඔබ තමා ආසියාවේ 'චැම්පියන්ස්'. (නි)

:       0       0

අනුර Friday, 31 August 2012 10:41 PM

එක ළකුණක් කියන්නෙත් අපි දිනුවා වගේ තමයි. සුභ පැතුම් සිංහයිනි! (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 01 September 2012 02:06 PM

මේ තරගය සිංගප්පූරුවේ තිබුණා නම් අපිට දිනන්න තිබුණා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site