IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


සංගීත ගුරුවරියක වෙන්න හීනමැවූ ගයනි මෙන්ඩිස්

2016-11-08-ent-07

අද ‘සාරවිට’ තරු කතා බහට එක්වන්නේ නිරූපණයට නවකයෙකු වන ගයානි මෙන්ඩිස් සමගිනි. විනෝදයට නිරූපණ කටයුතු සිදුකරන ගයනි, මේ වනවිටත් ගීත රූප රචනා කිහිපයක් සඳහා සිය රංගන දායකත්වය ලබාදී ඇත. රඟපෑමටද කැමැත්තක් හා ආසාවක් ඇති ගයානි සිය ඉදිරි නිරූපණ කටයුතු පිළිබඳව අපි සමගින් මෙසේ අදහස් දැක්වුයේමු.

 

නිරූපණයට සම්බන්ධ වුණේ ඔබ මෑතකදී?

2016-11-08-ent-10ඔව්, මම නිරූපණයට සම්බන්ධ වෙලා වැඩි කාලයක් නැහැ. ගිය අවුරුද්දේ මුල් භාගයේදී විතර තමයි මම නිරූපණයට යොමු වුණේ.

 

පුංචි කාලේ මොන වගේ වෘත්තියකටද කැමති වෙලා හිටියේ?

සංගීත ගුරුවරියක් වෙන්න. මම සංගීතයට ගොඩක් කැමති කෙනෙක්. පාසල් යන කාලේ ඉඳලා තිබුණේ ඒ හීනය. නමුත්, කාලයත් එක්ක ඒ හිනේ මගේ ගිලිහිලා ගියා.

 

දැන් අදහසක් නැහැ ඒ පැත්තට යොමු වෙලා ඉදිරියට යන්න?

නැහැ. නිරූපණයට සම්බන්ධ වුණත් එක්ක සංගීත ගුරුවරියක් වෙන්න හිතාගත්ත ඒ හීනය මැකිලා ගියා. අනික් කාරණය තමයි මම නිරූපණයට අමතරව දැන් රැකියාවකත් නිරත වෙනවා. නාවින්න ශාඛාවේ ‘ඔරේන්ජ් ඉම්ෆෝමේෂන් ටෙක්නෝලිජි’ ආයතනයේ මම රැකියාව කරනවා.

 

මොනවද දායක වෙලා තියෙන කලා කටයුතු?

දැනට ගීත රූප රචනා කිහිපයකට මම දායක වෙලා තියෙනවා. ගොඩක්ම කරලා තියෙන්නේ පොටෝ ෂුට්. විලාසිතා දැක්මවල්වලට මම සහභාගී වෙලා නැහැ. ඉදිරියේදී වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍යය වගේ දේවල්වලටත් යොමු වෙන්න කැමැත්තෙන් ඉන්නවා. පොඩි කාලේ ඉඳලා මගේ හිතේ තිබුණ තවත් හීනයක් තමයි කවදහරි රංගනය පැත්තටත් යොමු වෙනවා කියන එක.

 

නිරූපණ ශිල්පිනියක් වුණාහම බොහෝ දෙනෙක් තමන්ගේ සිරුර හා රූපය ගැන හිතනවා?

ඔව්, නිරූපණ ශිල්පිනියක් වුණාහම සිරුර හා රූපය ගැන ගොඩක් හිතනවා. මම නම් ටිකක් තරබාරුයි. නමුත්, එය අදාළ නැහැ නිරූපණයට යොමු වීමේදී. මොකද මේ හැම වෘත්තියක නියැළෙන්න නම් අවශ්‍ය කරන්නෙ දක්ෂතාව පමණයි. ඒත්, මගේ සිරුරේ හැඩය ගැන මීට වඩා ඉදිරියේදී මම හිතනවා.

 

නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරි ඉලක්ක?

නිරූපණය කරන්නේ මම ආසාවට. දැනට රැකියාවක් කරන නිසා ඒකට තමයි මම මුල්තැන දෙන්නේ. දැන්වීම්, ගීත රූප රචනා හා ටෙලි නාට්‍යය රංගනයට පිවිසෙන්න අදහසක් තියෙනවා. ඉතින් ඉදිරි කාලයේදී ඒවාට යොමු වෙන්න තමයි මගේ ඉලක්ක වෙලා තියෙන්නේ.

 

උදවු කළ අය?

අම්මා, තාත්තා දෙන්න තමයි මට ගොඩක් උදවු කළේ මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට එන්න. ඊට අමතරව අර්ෂණ පාලීපණ, ජනක කුමාර, ඩිල්ශාන් අබේවර්ධන හා විදුර යන අයියලා මේ වෙලාවේදී මතක් කරන්න ඕනා. මගේ නංගිලා දෙන්නා මට හැම වෙලාවේම උදවු කරනවා.

 

2016-11-08-ent-09
2016-11-08-ent-08



අදහස් (0)

සංගීත ගුරුවරියක වෙන්න හීනමැවූ ගයනි මෙන්ඩිස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site