IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සෞඛ්‍ය වාහන 679 ක් අතුරුදන්

(ජේ.ඉඳුරුවගේ)

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක්  ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි  අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

ජාතික විගණන කාර්යාලය මගින්    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන කළමනාකරණය පිළිබඳව 2019 වසරේදී සිදුකළ විශේෂ විගණන පරීක්ෂණයක් මගින් ප්‍රථමයෙන්ම මෙලෙස  වාහන 679 ක් අස්ථානගතවීම ගැන අනාවරණය කරගෙන ඇත.

එයින් වාහන 240 ක් පිළිබඳව හඳුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විගණනයට දන්වා ඇතත් ඒ බව තහවුරු කිරීමට ප්‍රමාණවත් තොරතුරු විගණනයට  ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බව විගණන කාර්යාලය සඳහන් කරයි.

අනිකුත් වාහන 439 පිළිබඳවද  මේ දක්වා   වසර හතරක් තිස්සේ කිසිම තොරතුරක්  සොයා ගැනීමට  නොහැකිව  ඇතැයිද   ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්ෂික විගණකාධිපති වාර්තාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳ විගණන නිරීක්ෂණ මගින් පෙන්වා දී තිබේ.



අදහස් (3)

සෞඛ්‍ය වාහන 679 ක් අතුරුදන්

Perera Monday, 15 April 2024 01:06 AM

වාහන අංකයෙන් ආදායම් බලපත් ගන්න ආවාම එන කෙනාව අල්ල ගන්නකෝ...

:       0       2

ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 15 April 2024 08:41 AM

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන පදවන හෝ ළඟ තබාගන්න අයට දැඩි දඬුවම් දෙන්න ඇපදීම වළක්වන්න වාහන නිකම්ම සොයාගන්න පුළුවන්... දින 3ක් කල් දෙන්න ඇවිත් බාර දෙන්න කියා... නැත්නම් අත් අඩංගුවට ගන්න.

:       0       2

පිටරටවැසියා Monday, 15 April 2024 01:15 PM

අර හිරේ ඉන්න ඇමති ගෙදරින් ටිකක් හොයාගන්න පුළුවන් වේවි. එතුමාගේ හැත්ත බුරුත්ත ඔක්කොම තවමත් ඇමති බංගලාවෙ මයේ හිතේ....

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site