IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සෞඛ්‍ය, ඛනිජතෙල් සහ විදුලියට ගැසට්ටුවක් එයි

(අංජුල මහික වීරරත්න)

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බිදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද( 03) සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය සේවාව, ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යාවශ්‍ය සේවා බවට පත්කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ විදුලිබල අමාත්‍යාංශයේ අදාළ අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව කරන ලද ඉල්ලීම අනුව, 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය යටතේ, ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

මීට පෙරද මෙම සේවා අත්‍යාවශ්‍ය සේවා බවට නියම කරමින් ජනාධිපතිට පැවරී ඇති බලතල ප්‍රකාරව 2022-08-03 දිනැතිව නිවේදනයක් නිකුත් කරන ලදී.

උක්ත පනතේ 3(2) වන වගන්තියේ ප්‍රතිපාදන අනුව, එම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් යෝජනා සම්මතයක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය ලේකම් වෙත දන්වන ලද අතර, එම යෝජනාව සම්මත වීමෙන් පසුව එම නියෝගය මාසයක කාලයක් සඳහා වලංගුව පැවතුනි. ඒ අනුව එකී නිවේදනයේ වලංගු කාලය 2022-09-02 දිනෙන් පසුව අවසන් විය.

නැවතත් විෂය භාර අමාත්‍යවරුන්ගේ නිර්දේශ සහිතව ඉල්ලීමක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු හෙයින් 2022 සැප්තැම්බර් 03 දින සිට උක්ත සඳහන් සේවා අත්‍යාවශ්‍ය සේවා බවට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

 



අදහස් (1)

සෞඛ්‍ය, ඛනිජතෙල් සහ විදුලියට ගැසට්ටුවක් එයි

ravin Saturday, 03 September 2022 05:44 PM

කිසිඅවුලක් නැහැ.. හැබැයි ගැසට් එකේ හැටියට සැපයුම දෙන්න බැහැනේ...? ඉස්පිරිතාලේ බෙහෙත් නැත. විදුලිය කප්පාදු ඇත. තෙල් පෝලිම තවම ඇත. විෂයයන් බාර ඇමැතිලාවයි, නිලධාරීන්වයි හිරේ විලංගුවේ දාන්න ඕනේ නේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 232 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site