IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුඛෝභෝගි වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසියෙක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

ව්‍යාජ ලේඛන සකසා පරිහරණය කළ රුපියල් කෝටි 16 ක් සුඛෝභෝගී වාහන දෙකක් සමඟ  ද්විත්ව පුරවැසි භාවයක් හිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු බ්‍රිතාන්‍යයේ සහ මෙරට ද්විත්ව පුරවැසිභාවය ඇත්තෙකි.

එම සැකකරු සමඟ රේන්ජ් රෝවර් වර්ගයේ ජිෆ් රථයක් සහ බෙන්ස් වර්ගයේ මොටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත. බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණයකදී සැකකරු අත්අඩංගුවට ගෙන එම වාහන පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රේන්ජ් රෝවර් වර්ගයේ ජීප්රථය සැකකරු ව්‍යාජ අංක තහඩුවක් සවිකර පරිහරණය කරමින් සිටි බව පොලිසිය කියයි.



අදහස් (0)

සුඛෝභෝගි වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසියෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site