IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


සැක පොල් තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි

(කාංචන කුමාර ආරියදාස)

ආනයනික පොල් තෙල් ලීටර් 28000 අඩංගු බවුසරයක් දඹුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා සහ පොලිස් කණ්ඩායමක් දඹුල්ල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ පස්වරු හතයි තිහට පමණ මෙම ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම පොල්තෙල් තොගය සොයාගෙන ඇත..

පොලිසිය සහ නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු පිරිස් එම ගබඩාවට යන අවස්ථාවේදී කන්ටේනර් රථය සම්පූර්ණයෙන්ම ගබඩාව ඇතුළට දමා බට වලින් එම ගබඩාවේ වහලය මත තනා තිබූ ටැංකියකට මෙම පොල්තෙල් බාමින් සිටින අයුරු දැක ගැනීමට හැකි වූ බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා පැවසීය.

මෙම පොල්තෙල් විදේශ රටවලින් ගෙන්වා ඇති බවත් එම කන්ටේනර් රථයේ පොල් තෙල් ලීටර් 28 000 අධික ප්‍රමාණයක් පවතින බවත් ඒවා මිනිස් පරිභෝජනයට සුදුසුසු ඒවාද ප්‍රවාහනය සහ ගබඩා කිරීම් සඳහා අවසරයක් ලබා ඇති ඒවාද යන්න කිසිදු ලියකියවිල්ලක් එම්  පුද්ගලයන් සතුව නොමැති බව නගරාධිපතිවරයා ජාලිය ඕපාත මහතා  පැවසීය.

පසු ගිය දා පාරිභෝගික අධිකාරිය මගින් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි පොල් තෙල් අලෙවි කරන ස්ථානයක් මේ ආකාරයෙන් මුද්‍රා තබා තිබිණි. එම පොල් තෙල් ගබඩාව ද හිමිකරු මෙම පොල්තෙල් තොගය ගෙන්වා ඇති බව දඹුල්ල පොලිසිය කියයි.

 

 

 



අදහස් (8)

සැක පොල් තෙල් බවුසරයක් දඹුල්ලෙන් අල්ලයි

Pradeep Thursday, 01 April 2021 04:10 PM

මේවා හාස්‍යජනක පුවත්ය. යම්කිසි රටකට යම් භාණ්ඩයක් ආනයනය කළ පසුව එහි තත්ව පරීක්ෂාවන් කළ යුත්තේ වරාය පරිශ්‍රය තුල ඒවා තිබියදීමයි. එනම් ඒවා ආනයනය කල පුද්ගලයින්ට ඒවා නිදහස් කරදීමට පෙරයි. එවිට තත්වයේ යම් ගැටළුවක් තිබේ නම් නිසි පියවර ගැනීම පහසුයි. නමුත් දැන් සිදුකරන්නේ ආනයනකරුවන්ට භාණ්ඩ නිදහස් කර දී පසුව ඒවායේ තත්ව පරීක්ෂණ කිරීමයි. මේ සිදුවන ආකාරයට මෙම විෂ සහිත පොල්තෙල් මේ වනවිටත් වෙළඳ පළට නිකුත්වී ඇතුවාට කිසිම සැකයක් නැත. අනේ රටකට ගිය කලක්..

:       0       92

RaveendraFriday, 02 April 2021 03:24 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. මෙතෙක් කල් අප "රටේ පාලනයට පැමිණි කිසිඳු පක්ෂයක්" මේ පිළිබඳව නිසි ක්‍රමවේදයකට නොපැමිණීමම එක්තරා අන්දමක රටවැසියන්ගේ ජීවිත පිළිබඳව සරදමකි. මේ මොහොතේත් ඉහළ පරිපාලනයට මෙන්ම පහළ පරිපාලනයටද නිදහසට කරුණු ඕනෑතරම් තිබෙන බව නොරහසකි. එක් ප්‍රධාන කරුණක් නම් අපට මේවා පරීක්ෂා කිරීමට ගුදම් පහසුකම් නැහැ. එසේ පරීක්ෂා කිරීමට නිලධාරින් නැහැ යන දහසක් කරුණු ගෙනහැරපානු ඇත. "විපක්ෂයේ හෝතඹුවන්" බලන්නේ පොල් තෙල්වලින් නොව "කබරතෙල්වලින්" හෝ "බලයේ ඉන්න හොතම්බුවන්ව" පන්නා දමා බලය ගැනීමට බවද නොරහසකි.. එකිනිකාට තමන්ගේ කුර දිගු කරමින් දොස් පවර ගන්නවා හැර තමනුත් බලයේ ඉන්නාවිට කරේ මෙයමනේද යන්න ඒ අයට අමතකවීම මොනතරම් අසික්කිතයිද? මේ හැම දේශපාලකයාම හිතන්නේ රටේ සියලුම පුරවැසියන් මැරිලා ඉපදුණු "අලුත්ම අලුත් ගොන් රැලක්" ලෙස නොවේද?

:       2       12

janahitha Friday, 02 April 2021 06:33 AM

ඡන්දෙට ඔහේලට වියදම් කරපුවා හොයාගන්නේ සෙම්බුවෙන්ද? ඕවා කෑවට එකපාර මැරෙනවයෑ. තව ඡන්ද දෙකක් කරන්න පුළුවන්..

:       1       2

janahitha Friday, 02 April 2021 06:31 AM

රේගුවේ වංචනිකයන් සහ දේශපාලකයන් මෙයා පසුපස සිටිනවා. අපේ ජීවිත මොවුන්ගේ මුදල් ඉපැයීම ප්‍රමුඛ කොට තීරණය වී ඇත.

:       0       4

Praja Friday, 02 April 2021 05:19 AM

මෙවන් මාරාන්තික විහිළු දැකිය හැකි වන්නේ අමුතු ඇටයේ පමණි. සෞභාග්‍යය අත ළඟ...

:       2       12

සමිත සේනක අලුත්ගමගේ. Friday, 02 April 2021 06:34 AM

සත්‍යය එළිවීම වළක්වන්න කව්රු මොන උප්පරවැට්ටි දම්මත්, මේ වනවිට අප හැමෝම විෂ පොල්තෙල් කාල ඉවරයි. නමට නිදහස ලබලා, නූගත් තකතීරු රැලක අවනීතියට යටවෙලා ජීවත්වෙනවාට වඩා සුද්දා යටතේ සිටියා නම්,හොඳයි කියලා දැන් සිතෙනවා.

:       0       6

Rasika Friday, 02 April 2021 07:11 AM

මෙම භයානක ක්‍රියාව මෙතෙක් කල් දිගින් දිගට සිදුවී ඇති බව පෙනේ. දුප්පත් නීතියද? වගකීමක් නැති නිලධාරීන්ද?

:       0       2

siri Friday, 02 April 2021 08:38 AM

අහුවුණු නරක බඩු ගෙන්නපු අයටම "අපි කියනකල් පරෙස්සමෙන් ආරක්ෂාකර ඔහෙලගේ ගුදම් වලම තියාගන්න" කියලා බාරදීලා දැන් රටපුරාම හොයනවා ඒවාට මොකද වුනේ කියලා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 300 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 649 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site