
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කිසියම් සැක ද්‍රව්‍ය සහිත ඉන්හේලර් කීපයක් පාසල් බෑග් කීපයක තිබි සොයාගත් බව ගොකරැල්ල පොලිසිය කියයි.
සිසුන් කිහිප දෙනකුගේ පොත් බෑ තුළ තිබී සොයා ගැනීමෙන් පසුව ඒවා එම සිසුන්ට අලෙවි කළ බව කියන ව්‍යාපාරිකයෙක් ගොකරැල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු ගොකරැල්ල ප්‍රදේශයේ ජංගම දුරකථනසහ උපාංග අලෙවි කිරීමේ ස්ථානයක් පවත්වාගෙන යන අයෙකි.
ගොකරැල්ල ප්‍රදේශයේ විදුහලක නම වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් කීපදෙනකුගේ පොත් බෑග් පරීක්ෂා කර බැලූ පන්ති භාර ගුරුවරියට හමු වීමෙන් පසු කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
187
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැක ඉන්හේලර් පාසල් සිසුන්ගේ බෑග්වලින් සොයාගෙන
Bunny Preena Friday, 22 September 2023 10:59 AM
වැඩිහිටියන්ට තියෙන්නේ, සංවිධානය වෙලා එම කාලකණ්ණි ව්‍යාපාරිකයාව පළාතෙන් පන්නා දැමීමයි. එම සමාජ ද්‍රොහියා හෝ ඔහුගේ පවුලේ අය ගැන අනුකම්පා නොකොට එම පළාතේ කිසිම ව්‍යාපාරයක් කිරීමට ඔහුට ඉඩ නොදී ගමෙන් පිටමන් කළ යුතුයි. මෙවැනි දේවල් වැළැක්වීමට ගතහැකි හොඳම පියවර එයයි.
Rata Perata Friday, 22 September 2023 12:06 PM
කට හැකර, හොර පුරවැසියන් වගේ අය පාර්ලිමේන්තුවට දාගෙන ගංජා වවන්න සැලසුම් කරන රටක ළමුන්ගේ අනාගතය ගැන මොන කතාද? රාත්‍රී සමාජ ශාලාත් වැඩි කරන්න ඕනෑ කියලා තමයි ඒ අය කියන්නේ...