මහ ජනතාවගෙන් රුපියල් කෝටි 162 කට අධික මුදලක් ලබාගෙන වංචා කළ බවට චෝදනා ලැබ සිටින සක්විති රණසිංහ ඇතුළු සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගමේ අධ්‍යකෂවරුන් එකොළොස් දෙනා අතුරින් අධිකරණයට නොපැමිණි එකොළොස් වැනි විත්තිකරු මාසයක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇපකරුට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා විත්තිකරු උසාවියට ඉදිරිපත් නොකළොත් රුපියල් දස ලක්ෂයේ ඇපය රාජසන්තක කරන බව දැනුම් දුන්නේය.
2006 නොවැම්බර් 01 වැනිදාත් 2008 සැප්තැම්බර් 31 වැනිදාත් අතර කාලය තුළ නුගේගොඩදී තැන්පතු මුදල් බාරගැනීම සඳහා සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ටක්ෂන් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරමින් ජනතාව විසින් ආධිපත්‍ය බාරදුන් රුපියල් 16,28,468,000
මුදලක් වංචා කිරිමට හෝ වංචා කිරිමට ඉඩහැරීමට කුමන්ත‍්‍රණය කළ බවට 01, 02 සහ 05 වැනි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
ඒ අනුව සක්විති හවුස් ඇන්ඞ් කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම නමින් ආයතනයක් ආරම්බ කොට කරමින් ජනතාව විසින් ආධිපත්‍ය බාරදුන් රුපියල් 16,28,468,000 මුදලක් වංචා කිරිමට හෝ වංචා කිරිමට ඉඩ හළ බවට 01, 02 සහ 05 වැනි විත්තිකරුවන්ට එරෙහිවද මෙලෙස මුදල් වංචා කිරිම ස`දහා ආධාර අනුබල දුන් බවට සෙසු විත්තිකරුවන්ට එරෙහිවද නිතිපතිවරයා විසින් චෝදනා 10ක් යටතේ නඩු පවරා ඇත.
චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ, කුමාරි අනුරාධිනි, ඩබ්.ඒ. දර්ශනී මධුවන්ති, දිමන්ති සංදීපිකා අධිකාරම්, නීතීඥ ජේ. ඒ. උපේක්ෂා සංකේතා ජයසුරිය, බී. ඒ. අසිත ප‍්‍රභාත්, නාලක තුෂාර කරුණානායක, චතුරි අප්සරා සරත්චඥ, සිත්රුවන් ධනංඡුය හේවාගම, චානක සුරේස් සිරිවර්ධන, සහ කේ.බී. කේසර සාමකුමාර චෝදනා ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සක්විති සමාගමේ එකොළොස්වැන්නා උසාවි නාවොත් දස ලක්ෂයක් රාජ සන්තකයි
චමල්කා Monday, 18 January 2016 05:39 PM
මෙහෙම හොයන සල්ලි වලින් මොනවා කරන්නද හිතට එකඟව? (නි)
කුමාර් Monday, 18 January 2016 11:42 PM
අසරණ මිනිසුන්ගේ සල්ලි වලට වන සාධාරණය කුමක්ද? (නි)
යසිත් Tuesday, 19 January 2016 03:11 AM
උපරිම දඬුවම් දෙන්න (නි)
රොඩ්නි Monday, 18 January 2016 02:34 PM
කෝ අර මාධ්‍යවේදියා? (බ)