IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සක්විති දෙවන වාරිකයත් අධිකරණයේ තැන්පත් කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට අධිකරණයෙන් කළ නියෝගයට අනුව රුපියල් ලක්‍ෂ 50ක දෙවැනි වාරිකය විත්තිකාර යුවළ අධිකරණයේ අද තැන්පත් කළේය.

නීතීපතිවරයා ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා පත්‍රයට වරද පිළිගැනීමෙන් අනතුරුව වංචා කළ මුදල රුපියල් ලක්‍ෂ 50 බැගින් වු කොටස් 20කින් ගෙවීමට මීට පෙර අවස්ථාවක අධිකරණය නියම කළේය.

එම නියමයට අනුව නඩුව කැඳවනු ලැබු අවස්ථවේදී රුපියල් ලක්‍ෂ 50ක වාරිකය අධිකරණයේ තැන්පත් කළේය.

2006 සහ 2008 කාල වකවානු අතරතුරදී මුල්‍ය පනතට පටහැනි අන්දමට ”සක්විති කන්ට්‍රක්ෂන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ්” නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් 16 41 85 000/-ක මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීම මුල්‍ය පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.

නඩුව කැඳවනු ලැබ අවස්ථාවෙදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ පෙනී සිටියහ.

 



අදහස් (2)

සක්විති දෙවන වාරිකයත් අධිකරණයේ තැන්පත් කරයි

ගමේ එකාලා Thursday, 24 August 2023 04:44 PM

රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන්ට මේ නීතී වලන්ගු නැතුව ඇති .ඒකත් හරියට ආසියාවේ ආශ්චර්යය වෙන්ඩැ.

:       6       57

Perakum Thursday, 24 August 2023 09:14 PM

ගමේ එකාලා බය නැතුව ඉන්න. හෙට අනිද්දා ආයෙමත් ජනාධිපති වෙච්චි ගමන් හොරාකාපු සල්ලි ඔක්කෝම ගෙවලා දානවලු...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site