IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සැකකරු පළා ගියැයි අයි.පී - පී.සී ගෙදර

(ඉන්දිකා රාමනායක)

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත පූජාපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙලෙස පලා ගොස් ඇත්තේ පූජාපිටිය බටගල්ල ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි සැකකරුවෙකි.

මෙම සැකකරු ඉකුත් 26 දින හෙරොයින් මිලි ග්‍රෑම්  3000 ක් සන්තකයේ තබාගෙන සිටීමේ වරදට  පූජාපිටිය පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝජ්‍ය ලබාගෙන පොලිස් ස්ථානයේ රඳවාගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

සැකකරු රඳවා සිටි සිරමැදිරියේ ජල පහසුකම් නොමැති බැවින් ඔහුට  ස්නානය කිරීම  සඳහා  පොලිස් පරීක්ෂකවරයා  ඊයේ (31) පස්වරුවේ ඔහු  පොලිසිය පිටුපසට රැගෙන යන ලෙසට පොලිස් කොස්තාපල්වරයාට දැනුම් දී ඇති බව පොලිසිය සඳහන් කරයි. එහිදී සැකකරු පළාගොස් තිබේ.

 



අදහස් (1)

සැකකරු පළා ගියැයි අයි.පී - පී.සී ගෙදර

Perera Monday, 01 April 2024 09:20 AM

අවුලක් නැහැ .ලැබෙන පඩිය වගේ හතර පස් ගුණයක ගතමනාවක් දීලා ඇති පැනලා යන්න සැලැස්වූවාට

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site