IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සැකකරුවකු මුදා ගන්න ගිය තරුණියක සහ කාන්තාවක අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගංජා ජාවාරමේ නිරතව සිටි බව කියන 24 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදී එම සැකකරු මුදා ගැනීමට උත්සාහ කළේ යැයි කියන 19හැවිරිදි තරුණියක සහ 27 කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව මුලස්ථාන මුලස්ථාන පොලිසිය පවසයි.

පහර කෑමෙන්තුවාල ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය

කැබිතිගොල්ලෑව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් තුලාන ප්‍රදේශයේ දී පෙරේදා 3 වැනිදා වැටලීමක් සිදුකර ගංජා සමග 24 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම තරුණයා පොලිස් ජිප් රථයට ගොඩ කිරීමට කොස්තාපල්වරයා සූදානම් වූ අවස්ථාවේ සැකකාරියන් දෙදෙනා එම ස්ථානයට කඩා වැදී එම කොස්තාපල් ට පහර දී තුවාල සිදුකර සැකකරු මුදා ගෙන යෑමට උත්සාහ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

 

 



අදහස් (1)

සැකකරුවකු මුදා ගන්න ගිය තරුණියක සහ කාන්තාවක අල්ලයි

Jayalath Thursday, 05 January 2023 04:48 AM

අයියෝ මෙහෙම ගෑණුන්ගෙන් ගුටිකාල බොරැවට ඉස්පිරිතාලෙට යන මිනිස්සු මොකටද පොලිසියට බදවගන්නවද?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 186 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site