
(රෝෂන් තුෂාර)
වැඩබලන දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ කීර්ති නාමයට හානිවන ආකාරයේ අපහාසාත්මක හා විවේචනාත්මක ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ නිකුත් කිරීම වළක්වමින් "මගෙන් රටට සංවිධානයේ " සංජය මහවත්තට වාරණ නියෝගයක් කොළඹ අතිරේක දිසා විනිසුරු සාලිය අබේරත්න මහතා (27) නිකුත් කළේය.
ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් සංජය මහවත්තට එරෙහිව මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා පැවරු නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර විත්තිකරුට නොවැම්බර් 10 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට අතුරු තහනම් දැන්වීම් නොතීසිද නිකුත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරම මහතා දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කළේය.
ජනාධීපති නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු විසින් සැප්තැම්බර් 29 වැනි දින මාධ්‍ය හමුවක් පවත්වමින් පැමිණිලිකරුගේ කීර්ති නාමයට හානි වන ආකාරයේ අපහාසාත්මක හා විවේචනාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති බවය.අදාළ ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමට ඉඩ හැර තිබෙන බවත් පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා විත්තිකරුට වාරණ නියෝගයක් අතුරු තහනම් දැන්වීම් හා නොතීසි නිකුත් කරමින් නොවැම්බර් දහය දින අධිකරණයේ කරුණු දක්වන ලෙසට නියෝග කළේය.
ප්‍රදීප් නිලංග දෑල මහතා වෙනුවන් නීතීඥ පී.එස්. මධුෂානි මෙනෙවියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සමග නීතිඥ චෙරාග් නිල්ගිරිය, නීතිඥ ලලිත් පියුම් පෙරේරා, නීතිඥ අසංක ජයරත්න යන නීතිඥ මහත්වරුන් ඇතුරු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
2025 ඔක්තෝබර් මස 08
1525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
486
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සංජය මහවත්තට වාරණයක්