(අංජුල මහික වීරරත්න)
තිරසර සංචාරක සංවර්ධන වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන ණය මුදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකා ඩොලර් මිලියන 100ක ණය මුදලක් ලබා දීමට එකඟතාව පළ කර ඇත.
එකී ණය මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 70ක ප්‍රතිපත්ති සංරචකය මත පදනම් වු ණයක් සහ ආයෝජන සංරචකය මත පදනම් වූණයක් ලෙස සංරචක 02 කින් සමන්විත වේ. ආයෝජන සංරචකය යටතේ ත්‍රිකුණාමලය හා දඹුල්ල (සීගිරිය ප්‍රදේශය ද ඇතුළත්ව) සංචාරක ගමනාන්ත වල සංචාරක විභවතාව සහ වරණ ධාරිතාව වැඩි දියුණු කිරීම, සංචාරක තදබදය පාලනය කිරීම, නවාතැන් කාලය දිගු කිරීම හා සංචාරක කර්මාන්තය හරහා ප්‍රාදේශීය ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා ගැනීමට අවශ්‍ය සංවර්ධන කාර්යයන් සිදු කිරීමට අපේක්ෂා කරනු ලබයි.
එකී ආයෝජන සංරචකය යටතට ගැනෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය සහ ක්‍රියාත්මක කිරීමේ ආයතනය වශයෙන් නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කටයුතු කරනු ලබයි.
ඒ අනුව, යෝජිත ණය මුදල ලබා ගැනීම පිණිස අදාළ ණය ගිවිසුම් වලට අත්සන් තැබීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමතිවරයා සහ නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමතිවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සංචාරක සංවර්ධනයට ඩොලර් මිලියන සීයක ණයක්