
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.659 ක ආදායමක් උපයා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.9 ක වර්ධනයක් බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
පසුගිය වසරේ පළමු මාස 10දී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.533 ක මුදලක් ශ්‍රී ලංකාව උපයා තිබිණි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් සියයට 3 ක ප්‍රතිශතයකට දායකත්වය සපයන සංචාරක ඉපයීම් මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 186.1ක් මුදලක් උපයා තිබූ අතර එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව සියයට 0.27 ක වර්ධනයක් විය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 185.6ක් වූවේය.
පසුගිය ජූලි සහ අගෝස්තු මාසයේදී මෙරට සංචාරක ඉපැයීම් සෘණාත්මක වර්ධනයක් පෙන්නුම් කිරීමෙන් පසුව ඔක්තෝබර් මාසයේදී මෙලෙස සියයට 0.27 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.
2025 නොවැම්බර් මස 17
3
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
853
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659