
(යොහාන් භාසුර)
ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා පත්කර තිබේ.
සංගක්කාර මහතා 2019 වසරේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජ ඉතිහාසයේ බි්‍රතාන්‍ය ජාතිකයෙක් නොවන පළමු සභාපතිවරයා ලෙස පත්වෙමින් එම ධූරයේ ද කටයුතු කළේය.
මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ සාමාජිකත්වය දැරූ සංගක්කාර මහතා එංගලන්ත හිටපු නායකයෙක් වන මයික් ගැටිං මහතාගෙන් පසුව එම කමිටුවේ සභාපතිවරයා කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මෙම කමිටුව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සහ එහි සාමාජික රටවලට උපදේශන කමිටුවක් ලෙස කටයුතු කරන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ප්‍රශ්න සාකච්ඡා කිරීම සඳහා වසරකට දෙවරක් රැස්වේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.