
සුපිරි බොලිවුඞ් නළු ෂාරුක් ඛාන්ට සමාජ මාධ්‍ය ඔස්සේ දොස් ඇසීමට සිදුවී ඇත.
ඒ, ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර සම්මාන උළෙලක දී රතු පලස මත, මාධ්‍යවේදීන්ගේ ඡායාරූපවලට මුහුණ දෙමින් සිටිද්දී, ඔහු අසල සිටි මහලු පුද්ගලයකු පැත්තට තල්ලු කිරීම හේතුවෙනි.
මෙම සිද්ධියට අදාල වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.
ඒ මහලු පුද්ගලයා කවුරුන්දැයි අනාවරණය වී නැත.
එසේ වුවත්, ෂාරුක්ට චෝදනා එල්ල වෙද්දී, ෂාරුක් වෙනුවෙන් පෙනී සිටි හිතවාදීන් පන්වා දී ඇත්තේ, ෂාරුක් පසුපසට තල්ලු කළ එම පුද්ගලයා ෂාරුක්ගේ මිතුරකු බවය.
ෂාරුක් රතු පලස මතින් පැමිණියේ, ලොකර්නෝ සිනමා සම්මාන උළෙලට සහභාගී වීමටය. සම්මාන උළෙලේ ‘පාර්ඩෝ අල්ලා කැරියේරා’ සම්මානය ෂාරුක්ට හිමිවිය. ඒ පළමු වතාවටය.
මෙම ගෞරවණීය සම්මානය හිමිකරගත් පළමු ඉන්දියානුවා බවට පත් වූයේ ද ෂාරුක් ඛාන්ය.
2025 දෙසැම්බර් මස 30
85
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ෂාරුක් මහල්ලකු තල්ලු කරලා
ලසන්ත Tuesday, 13 August 2024 10:48 AM
මමත්වය, මමතමයි මේතන ඉන්න ඕනෑ, ඔයා මොකද මෙතැන, මාව බලන්නනේ මේ අය ඇවිත් ඉන්නේ, මමනේ ප්‍රසිද්ද වෙන්න ඕනේ!
prabash Tuesday, 13 August 2024 01:58 PM
බලු වැඩ කරන්න එපා ෂාරුක් මල්ලි... බැරි වේලාවත් එයා වැටුණා නම් ඔයා මොකද කරන්නේ.... සම්මාන පැත්තක තියලා හිරේ යන්න වෙනවා දැන්වත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. ෆිල්ම් වල කරන දේවල් එක්ක ජිවිතේ කරන්න යන්න එපා