IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශා. ජෝෂප් - මහනුවර මහමායා පිහිනුම් ශූරතා දිනති

පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලියේ ලකුණු 622 ක් හිමිකරගත් කොළඹ ශාන්ත ජේශප් විද්‍යාලයේ කී‍්‍රඩකයෝ බාලක අංශයේ සමස්ත ශූරතාව දිනාගැනීමට සමත්වූහ. ලකුණු 614.5 ක් හිමිකරගත් මහනුවර මහාමායා විද්‍යාලයීය කී‍්‍රඩිකාවෝ බාලිකා අංශයේ සමස්ත ශූරතාව දිනාගත්හ.

මෙවර තරගාවලියේදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් විසින් පිහිටවනු ලැබූ නව තරග වාර්තා ගණන 32 කි. ඊට අමතරව පැරණි වාර්තා අභිබවා ගිය අවස්ථා 7 ක්ද විය. 

බාලක අංශයේදී 19 න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කළ කොළඹ රාජකීය විදුහලේ කනිත මුණසිංහත්, 17 න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කළ කොළඹ ආනන්ද විදුහලේ චිරන්ත ද සිල්වාත්, 15 න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කළ කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ ඉමේෂ් චතුරංගත් නව වාර්තා 3 ක්බැගින් පිහිටුවමින් ඒ ඒ වයස් කාණ්ඩ වල දක්ෂතම කී‍්‍රඩකයෝ බවට පත්වූහ.

බාලිකා අංශයේදී 15 න් පහළ වයස් කාණ්ඩ ශූරිය වූ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ හිරුනි ද සොයිසා නව වාර්තා 3 ක් පිහිටුවීමට සමත්වූවාය. 17 න් පහළ වයස් කාණ්ඩ ශූරිය වූ ඇලිතියා ජාත්‍යන්තර පාසලේ මිචිකෝ රහීම් නව වාර්තා 2 ක් පිහිටවූ අතර පැරණි වාර්තාවක් අභිබවා යාමටද සමත්වූවාය.  සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහලේ ඉශානි එරන්දිකා නව වාර්ථා 2 ක් පිහිටුමින් 19 න් පහළ වයස් කාණ්ඩ ශූරිය බවට පත්වූවාය.

පාසල් 180 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 1612 ක් සහ කී‍්‍රඩිකාවන් 978 ක් සහභාගීවූ මෙම තරගාවලිය මේ මස 18 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්විණ. ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය විසින් 40 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය සඳහා අනුග‍්‍රහය ලබාදී තිබුණේ මයිලෝ බෙදාහරින්නන් වන නෙස්ලේ ලංකා සමාගමයි.

 

කේවල ශූරතා

15 න් පහළ (බාලක) - ඉමේෂ් චතුරංග (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල) - ලකුණු 45
15 න් පහළ (බාලිකා) - හිරුනි ද සොයිසා (ගේට්වේ ජාත්‍යන්තර පාසල) - ලකුණු 45
17 න් පහළ (බාලක) - චිරන්ත ද සිල්වා (කොළඹ ආනන්ද විදුහල) - ලකුණු 45
17 න් පහළ (බාලිකා) - මචිකෝ රහීම් (ඇලිතියා ජාත්‍යන්තර පාසල) - ලකුණු 38
19 න් පහළ (බාලක) - කනිත මුණසිංහ (කොළඹ රාජකීය විදුහල), ශෙහාන් ද සිල්වා (මහනුවර ති‍්‍රත්ව විදුහල) - ලකුණු 45
19 න් පහළ (බාලිකා) - ඉශානි එරන්දිකා (සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විදුහල) - ලකුණු 45

 

කණ්ඩායම් ශූරතා

15 න් පහළ (බාලක) - කොළඹ ශාන්ත ජෝශප් විදුහල - ලකුණු 180
15 න් පහළ (බාලිකා) - මහනුවර මහාමායා විදුහල - ලකුණු 154
17 න් පහළ (බාලක) - කොළඹ ශාන්ත ජෝශප් විදුහල - ලකුණු 144
17 න් පහළ (බාලිකා) - කොළඹ විශාකා විදුහල - ලකුණු 106
19 න් පහළ (බාලක) - කොළඹ රාජකීය විදුහල - 230
19 න් පහළ (බාලිකා) - කොළඹ කාන්තා විදුහල - ලකුණු 111

කණිෂ්ට (බාලක) ශූරතාව
කොළඹ ආනන්ද විදුහල - ලකුණු 191

කණිෂ්ට (බාලිකා) ශූරතාව
මහනුවර මහාමායා විදුහල - ලකුණු 332.5

ජේෂ්ඨ (බාලක) ශූරතාව
කොළඹ ශාන්ත ජෝශප් විදුහල - ලකුණු 494

ජේෂ්ඨ (බාලිකා) ශූරතාව
කොළඹ විශාකා විදුහල - ලකුණු 312

 

(ඡයාරූප : ශානුක අරවින්ද)

 

 

 

 

 

 

 

 

 

 

බාලක අංශයේ ශූරතාව දිනාගත් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයීය පිහිනුම් කණ්ඩායම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

බාලිකා අංශයේ ශූරතාව දිනාගත් මහනුවර මහාමායා විද්‍යාලයීය පිහිනුම් කණ්ඩායම

 

 

 

 

 

 

 

 

 

 

 

 

වයස 19 න් පහළ දක්ෂතම කී‍්‍රඩකයන් වූ කනිත මුණසිංහ සහ ශෙහාන් ද සිල්වා, අධ්‍යාපන අධීක්ෂණ මන්තී‍්‍ර මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා අතින් කුසලාන ලබාගත් අවස්ථාව. (පාසල් ජල කී‍්‍රඩා සංගමයේ සභාපති වයි. ඒ. එන්. ඞී. යාපා මහතාද ඡයාරූපයේ සිටී)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වයස 17 න් පහළ දක්ෂතම කී‍්‍රඩකයා වූ චිරන්ත ද සිල්වා, අධ්‍යාපන අධීක්ෂණ මන්තී‍්‍ර මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා අතින් කුසලාන ලබාගත් අවස්ථාව.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වයස 15 න් පහළ දක්ෂතම කී‍්‍රඩිකාව වූ හිරුණි ද සොයිසා, අධ්‍යාපන අධීක්ෂණ මන්තී‍්‍ර මොහාන් ලාල් ගේ‍්‍රරු මහතා අතින් කුසලාන ලබාගත් අවස්ථාව.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ශා. ජෝෂප් - මහනුවර මහමායා පිහිනුම් ශූරතා දිනති

සඳුමිණි මලීෂා Sunday, 23 June 2013 07:58 AM

මගෙන් අක්කිලාට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site