(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-0 ක් ලෙස ජය ලැබීමට අද (14) සමත් විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැති දෙවැනි සහ අවසන් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 174 කින් ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත් වූහ.
නායක චරිත් අසලංක තරගාවලියේ වීරයා ලෙස ද, කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස ද, සම්මාන ලැබූහ.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 4 ට 281
(නිෂාන් මධුෂ්ක 51, කුසල් මෙන්ඩිස් 101, චරිත් අසලංක නොදැවී 78, ජනිත් ලියනගේ නොදැවී 32)
ඕස්ට්‍රේලියානු පිල ඕවර 24.2 කදී සියලු දෙනා දැවී 107
(ට්‍රැවිස් හෙඩ් 18, ස්ටීවන් ස්මිත් 29, ජොෂ් ඉන්ලිස් 22, අසිත ප්‍රනාන්දු 23/3, දුනිත් වෙල්ලාලගේ 35/4, වනිඳු හසරංග 23/3)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.