
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින අතර ශ්‍රී ලංකාව පුරා මරණ, රෝහල් ගත කිරීම් සහ නිවාස ගිනි තැබීම් වාර්තා වන බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නවසීලන්ත රජය එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.
එසේම ඕස්ට්‍රේලියානු රජයද ශ්‍රී ලංකාව පුරා ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර දෙවරක් සිතා බලන්නැයි එරට පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
නවසීලන්ත රජය සහ ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය අද (11) යාවත්කාලීන කළේය.
"ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සහ ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පෙර දෙවරක් සිතා බලන්නැයි ඕස්ට්‍රේලියානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.විරෝධතා පවතින ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වී ඇත. එම නිසා ශ්‍රී ලංකාවේ සිටින ඕස්ට්‍රේලියානු පුරවැසියන් සෙනග ගැවසෙන ස්ථාන සහ විරෝධතා හැකිතාක් මගහරින්න. මාධ්‍යයෙන් ලබා දෙන යාවත්කාලීන කිරීම් පිළිබඳ අවධානයෙන් සිටින්න"යැයි ඕස්ට්‍රේලියානු රජය විසින් යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ සඳහන් වේ.
"ශ්‍රී ලංකාව පුර ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා වේ. ඒ අතර මරණ,රෝහල් ගත කිරීම්,නිවාස ගිනි තැබීම් සහ දේපල විනාශ කිරීම් වේ. ශ්‍රී ලංකා බලධාරීන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇත.ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය කරුණකට හැර සංචාරය කිරීමෙන් වළකින්නැයි නවසිලන්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ සිටින නවසීලන්ත ජාතිකයින් ජනතාව එක්රැස් වෙන ස්ථාන සහ විරෝධතා හැකිතාක් මග හරින්න"යැයි නවසීලන්ත රජය යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනයේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
545
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1073
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයට කණකොකා හඬයි?
Kule Wednesday, 11 May 2022 11:15 AM
මංකොල්ලකාරයින්ගෙන් ප්‍රවේසම් වෙන්න කියන්න අමතක වෙලා..!
පව් රට Wednesday, 11 May 2022 01:44 PM
විදේශිකයෝ 47,500ක් එන්න බලාපොරොතුව හිටියා.. ජූලි මාසයේ පෙරහැර කාලයට යුරෝපා රටවලින්... සංචාරකයින්ගේ දේපල මංකොල්ලකෑම් පළවූ නිසා යාමට නුසුදුසුම රට ලංකාව කියලා හංවඩු ගැහිලා නිසා මාලදිවයින ඒ සඳහා තෝරාගෙන...!
MO77Wednesday, 11 May 2022 02:28 PM
ඇත්තටම ජර්මන් යුවල නැවති සිටි තැන ඔවුන්ගේ ගෙයක් නෙමෙයි. ඒක හෝටලයක්...