
(නිමන්ති රණසිංහ)
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ ගොඩ ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයට අදාළ දේහය ගොඩගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ රැදී සිටිය යුතු බැවින් ඔවුන්ගේ ගමන් පහසුකම්, නවාතැන් ඇතු`ථ සිය`ථම සුබසාධන කටයුතු සියල්ලක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලැබිය යුතුයැයි ද මෙහිදී මහේස්ත්‍රාත්වරිය තවත් නියෝගයක් එම දෙපාර්තමේන්තුවට නිකුත් කළාය.
දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇතැයි පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝග නිකුත් කළාය.
මෙම මරණයට අදාළ හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ දේහය නැවත ගොඩගෙන පරීක්ෂාවට ලක්කළ යුතුව ඇති බවත්, ඒ හේතුවෙන් ඒ සදහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය අධිකරණයෙන් ලිඛිතව ඉල්ලා තිබිණී.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශාෆ්ටර්ගේ සිරුර ගොඩගන්න නියෝග