IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශෂි වීරවංශට එරෙහි නඩුව කල් යයි

(රෝෂන් තුෂාර)

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සැකසූ හැඳුනුම්පත් භාවිතා කලේ යැයි ශෂී වීරවංශ මහත්මියට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගොනුකුල නඩුව විභාග කළ යුත්තේ කුමන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදැයි අභියාචනාධිකරණ නියෝගයක් නැවත ලබා ගන්නා ලෙස විත්ති පාර්ශවයට නියෝගයක් නිකුත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද (20) දින දන්වා සිටියේය.

මෙම නඩුව මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාග කළ අතර විත්තිය  කළ ඉල්ලීමක් අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඉදිරියේ   නඩුව විභාග කරන ලෙසට අභියාචනාධිකරණය දැනුම් දී තිබිණි.

එම නියෝගය ප්‍රකාරව අංක දෙක මහේස්ත්‍රාත්  අධිකරණ පූර්ගාමී මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඉදිරියේ නඩුව කැඳවීය.
අද  දින හර්ෂණ කැකුණ වෙල මහතා ඉදිරියේ නඩුව කැඳවීමෙන් පසුව  මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙම නඩුව පූර්ගාමී විනිසුරු තුමියගේ තනතුරු නාමයෙන් නොව නමින් විභාගයට ගන්නා ලෙසට නියම කර ඇති බැවින්,තමන් ඉදිරියේ නඩුව ගැනීම සම්බන්ධයෙන් නැවත නියෝගයක් විත්තිකාර පාර්ශවය ලබාගත යුතු බවය.

ඒ අනුව මෙම නඩුව මාර්තු 26 වැනි දින නැවත කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයාඑදින තෙක් නඩුව කල් තැබීය.

 

 

 



අදහස් (3)

ශෂි වීරවංශට එරෙහි නඩුව කල් යයි

Prabha Wednesday, 21 February 2024 01:45 AM

එකම විසඳුම ආණ්ඩුවට ශක්තියක් වෙලා හිරේ නොයා ඉඳීමයි.

:       0       0

kotiya Wednesday, 21 February 2024 07:15 AM

අනේ ඔන්න ඕක එක සැරේ අවුරුදු හැටකට විතර කල්දාන්න. ඕක මාස තුනෙන් තුනට කල් දාන එකෙන් ඔබලාටත්වදේ. ඒ අයටත් වදේ. අපිටත් වදේ. අවුරුදු හැටකට පස්සෙ කොහොමත් ශශිත් නෑ, ඔයත්නෑ, අපිත් නෑ.

:       0       0

Pradeep Kumara Wednesday, 21 February 2024 09:51 AM

ඕනෑම විත්තිකරුවෙකුට තමන් කැමති මහේස්ත්‍රාත් කෙනෙක් ඉල්ලා සිටිය හැකිද? නැත්නම් එය දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයට පමණක් ඇති විශේෂ වරප්‍රසාදයක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site