විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ ඇප මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් මුදා හරිනු ලැබීය.
රුපියල් 15000ක මුදල් ඇපයක් ද, රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් ද තබන ලෙස ඇයට දැනුම් දුන් මහේස්ත්‍රාත් හැම සිකුරාදාවකම අධිකරණයේ ලේඛකාධිකාරී හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
ශෂී වීරවංශ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රියකින් රැගෙන එනු ලැබුවාය. රහස් පොලිසිය පැවසූයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇය ලබා ගත් හැදුනුම්පත් ගැන වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.
1967 උපන් දිනයක් වෙනුවෙන් ජාතික හැදුනුම්පතක් ලබා ගත් බව හෙළි නොකර 1971 උපන් දිනයක් වෙනුවන් තවත් හැදුනුම්පතක් ලබාගෙන ඇතැයි එම වාර්තාවෙන් කියවෙයි.
නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා මහේස්ත්‍රාත් පිලපිටිය මහතාට පැවසුවේ තම පුතාත්, විමල් වීරවංශයේ පුතාත් කොළඹ ආනන්ද විදුහලේ එකම පන්තියේ ඉගෙන ගන්නා බවයි.
විමල් වීරවංශගේ පුතා මාස තුනකින් පාසල් පැමිණ නැති බවත්, ඊට හේතුව කුමක්දැයි තම පුතා ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.
එම සිද්ධිය දරුණු අපරාධයක් නොවන හෙයින් ශෂී වීරවංශට ඇප දෙන්නැයි ඔහු ඉල්ලා සිටියේය.
නඩුව ලබන 15 වැනි දා ට කල් තැබූ මහේස්ත්‍රාත් සාක්කිකරුවන්ට බලපෑම් නොකරණ ලෙස අවවාද කළේය.
දේශපාලන රැස්වීම් පවත්වන ආකාරයට උසාවිය අසළ රැස්වීම් නොපවත්වන ලෙස මහේස්ත්‍රාත්වරයා හිටපු අමැති විමල් වීරවංශට අවවාද කළේය.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප ශාන්ත රත්නායක)
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශෂී වීරවංශට ඇප
පසිදු Friday, 27 February 2015 06:48 AM
ඔච්චර ලොකු වැරැද්දක් කරලත්.(හේ)
අශෝකා Friday, 27 February 2015 08:14 AM
දෙන්නම බබාලා (නදී)
චන්දන Friday, 27 February 2015 08:51 AM
ඔන්න දැන් දරුණුම අපරාධ කරුවන් අල්ලා දඩුවම් දෙන්න පටන් අරන් .සියලු දෝශ නිවාරණයි..(දිල්).