IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශිෂ්‍ය සංගම් කිහිපයක උද්ඝෝෂණය වළක්වන්නැයි කළ ඉල්ලීම ඉවතට

(රෝෂන් තුෂාර)

ජනතා විමුක්ති පෙරමුණේ නව ශිෂ්‍ය ව්‍යාපාරයට අයත් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් කීපයක් කොළඹ බෞද්ධාලෝක මාවත ඇතුළු තදාසන්න මාර්ගයන්හි ක්‍රියාත්මක කරන  උද්ඝෝෂණය වළක්වන වාරණ ආඥාවක් නිකුත් කරන්නැයි කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(05) ප්‍රතික්ෂේප කළේය.

ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමේ අයිතිය හා නිදහසේ රැස්වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් තහවුරු කර ඇති බවත්,එම මූලික මිනිස් අයිතිවාසිකම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තියට යටපත් කළ නොහැකි බව සඳහන් කරමින් එම නියෝගය නිකුත් කළේය.

කුරුඳු වත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක සේනානායක මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර ,පොලිස් සැරයෙන් සමන් රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය.

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති,කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා මොරටුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති, විත්තිකරුවන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය.
 

 



අදහස් (0)

ශිෂ්‍ය සංගම් කිහිපයක උද්ඝෝෂණය වළක්වන්නැයි කළ ඉල්ලීම ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site