
(රෝෂන් තුෂාර)
අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබා ගත්තේ යැයි කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (08) නියෝග කළේය.
ජාතික හානි පූර්ණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් හා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක(පාලන) ලේකම් රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි නමැති සැකකාරියට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට හානි පූර්ණ කාර්යාලයට ඇතුල්වීම තහනම් කරන බවට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශෂීන්ද්‍රගේ අතිරේක ලේකම්වරියට ඇප
Perera Thursday, 09 October 2025 05:25 AM
මේ සෂින්ද්‍රගේ අතිරේක ලේකම්වරයෙක් නෙවෙයි. අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක්
chinthana Thursday, 09 October 2025 08:35 AM
එයත් රාජපක්ෂ කෙනෙක්