IMG-LOGO

ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට ඇප

(රෝෂන් තුෂාර)

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන  බන්ධනාගාරගත  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ  සැකකාර විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (09)  නියෝග කළාය.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට අඩම්තේට්ටම් කිරීම හා මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය පනතේ වගන්ති ප්‍රකාරව  කෙසෙල්වත්ත පොලිසිය ඉදිරිපත් කළ බී වාර්තාව සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළාය.

මෙසේ ඇප නියම වුයේ හේමාලී විජේරත්න නමැති සැකකාරියට වෙි. සැකකාරියට දැඩි අවවාද කළ මහේස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කළාය .

මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සිසි ටීවී දර්ශන වළ ඇතුළත් කරුණු පොලිසිය විසින් අධිකරණයට පැවසීමෙන් පසුව  සැකකාරියගේ නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන්  සැකකාරිය   කොන්දේසි විරහිරතව සමාව අයදීමට සූදානම් බවය.  දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය  ඇප නියම කළාය.

 ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට ඇප

 



අදහස් (1)

ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට ඇප

Rata Perata Wednesday, 09 July 2025 11:29 AM

අම්මපා දුප්පත් මිනිස්සුන්ගෙන් හොරකම් කරපු සල්ලි වලින් කළ මේ අයට තෙලේ වැඩි වෙලා. කුඩු විකුණලා හරි සල්ලි ටිකක් හොයා ගත්තාම ඔක්කෝම හිතන්නේ ඔවුන් නීතියටත් උඩින් කියලා.. එහෙම සමාජයක්නේ හිටපු දේශපාලකයෝ හැදුවේ...

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site