
(ෂේන් සෙනෙවිරත්න)
දෙදහස් පන්සිය වසරකටත් අධික මෙරට රජ වංශකතාවේ රජවරයකු භාවිතා කළ දැනට පවතින වහලය සහිත එකම රජ මාලිගය වශයෙන් සැලකෙන මහනුවර ඉපැරණි ලෝක උරුම රජමාලිගය අභිවර්ධනය කොට සංරක්ෂණය කර මහජනතාවට විවෘත කිරීම අමෙරිකානු තානාපතිනි ජුලි චංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.
ඇමරිකානු ඩොලර් 265,000 ක එක්සත් ජනපද තානාපති අරමුදල මගින් (රුපියල් මිලියන 77ක්) එම නවීකරණ කටයුතු සිදු කෙරුණි.
මෙම රජවාසල සෙංකඩගල රාජධානිය ආරම්භ වූ 1473 වසරේ සිට 1815 අවසන් රජු දක්වා රජවරුන් දොළොස් දෙනකු භාවිතා කොට ඇති බව ඉතිහාසයේ සඳහන්ය.
එම රජමාලිගය තුළ ස්ථාපිත කොට ඇති කෞතුකාගාරය මහජනතාව සඳහා විවෘත කිරීම අද (11) සිදුකෙරුණ අතර එම අවස්ථාවට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් ද සහභාගි වූහ.
2021 වසරේදී ඇමෙරිකානු ආධාර ඇතුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ එහි සංරක්ෂණ කටයුතු සිදුකෙරුණි.



2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යළි මහනුවර මාලිගාවට
Chandana Fernando Wednesday, 11 December 2024 08:21 PM
ගොඩක් ස්තුතියි USA...
ගුණරත්න Wednesday, 11 December 2024 08:47 PM
අපේ අවසාන රජතුමාට නිසි ගෞරව දීම සම්බන්ධයෙන් ඇමරිකන් රජයට ස්තුතියි...!
විදුර Wednesday, 11 December 2024 09:12 PM
විදේශ ආධාර අරන් අතීත ශ්‍රී විභූතිය නැවත ගොඩ නැංවීම අගෙයි.