IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා (සෙසු) පිල දෙවැනි ජය ලබයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගනයේදී ඊයේ (14) පැවැති තරගයේ ශ්‍රී ලංකා (සෙසු) කණ්ඩායම විසින් ලකුණු 58 කින් ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පාරජය කරන ලදි.
ලකුණු 205 ක ජයග‍්‍රහි ඉලක්කයක් කරා යාම වෙනුවෙන් ඉනිම ඇරඹු ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම  ඕවර 37.4 කදී ලකුණු 146 කට සීමා විය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු කඩුලූ 5 ලකුණු 6 ක් තුළදී දැවා ගැනීමට ශ්‍රී ලංකා (සෙසු) පිලේ ප‍්‍රබල පන්දු යවන්නෝ සමත් වූහ. අනතුරුව ඇන්ජලෝ පෙරේරා පන්දු 58 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස් කරමින් තම පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත් විය.  

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා (සෙසු) කණ්ඩායම ලකුණු 107 කට කඩුලූ 7 ක් දැවී දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටියදී නුවන් කුලසේකර (61) සහ ශාමින්ද එරංග (33) නවවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. නුවන් කුලසේකර පන්දු 78 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 61 ක් රැස් කිරීමට සමත් විය.   

ලකුණු පුවරුව

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා‘ඒ’කණ්ඩායම

ශී‍්‍ර ලංකා කණ්ඩායම් ඉනිම
ශෙහාන් ජයසූරිය  -  ඇ. දික්වැල්ල ප. විමුක්ති පෙරේරා    14    
උපුල් තරංග  -  ප. ලක්මාල්    0
ලහිරු තිරිමාන්න  -  ඇ. දික්වැල්ල ප. විමුක්ති පෙරේරා     5
දිනේෂ් චන්දිමාල්  -  ප. ජයරත්න    36
මිලින්ද සිරිවර්ධන  -  ඇ. විතානගේ ප. විමුක්ති පෙරේරා     0
තිළිණ කණ්ඩම්බි  -  ඇ. දික්වැල්ල ප. ජයරත්න    20
චාමර කපුගෙදර  -  ඇ. දික්වැල්ල ප. ලක්මාල්     8
නුවන් කුලසේකර  -  ඇ. ප‍්‍රියන්ජන් ප. විමුක්ති පෙරේරා    61
රංගන හේරත්  -  ක.මු.කළා ප. ලක්මාල්     5
ශාමින්ද එරංග  -  ප. ප‍්‍රසන්න    33
ඡනක වෙළගෙදර  -  නොදැවී     7
අතිරේක        15

එකතුව  ඕවර  44.1කදී සියළු දෙනා දැවී 204

කඩුලු වැටීම :

1-8, 2-22, 3-27, 4-27, 5-76, 6-87, 7-99, 8-107, 9-175, 10-204

පන්දුයැවීම :
සුරංග ලක්මාල් : 10-1-39-3, විමුක්ති පෙරේරා: 7ග1-0-30-4, ඉෂාන් ජයරත්න : 6-0-41-2, සීක්කුගේ ප‍්‍රසන්න : 10-0-41-1, තරිදු කෞෂාල් : 7-0-35-0, ඇන්ජලෝ පෙරේරා : 4-0-12-0

 

ශී‍්‍ර ලංකා‘ඒ’කණ්ඩායම

ඩිල්ෂාන් මුණවීර  -  ක.මු.කළා ප. කුලසේකර         0    
උදාර ජයසුන්දර  -  ඇ.චන්දිමාල් ප. වෙළගෙදර     0
කිත්රුවන් විතානගේ  -  ප. කුලසේකර    4
ඇන්ජලෝ පෙරේරා  -  ඇ. චන්දිමාල් ප. එරංග    43            
අශාන් ප‍්‍රියන්ජන්  -  ක.මු.කළා ප. වෙළගෙදර     0        
නිරෝෂන් දික්වැල්ල  -  ප. වෙළගෙදර     0
ඉෂාන් ජයරත්න  -  දුවද්දී දැවී ගියා     3
තරිදු කෞෂාල්  -  ඇ. සහ ප. හේරත්    11
සීක්කුගේ ප‍්‍රසන්න  -  ඇ. තරංග ප. හේරත්    23
සුරංග ලක්මාල්  -  නොදැවී    38
විමුක්ති පෙරේරා  -  දුවද්දී දැවී ගියා    18
අතිරේක         7

එකතුව  ඕවර 37.4කදී සියළු දෙනා දැවී 146

කඩුලු වැටීම:

1-0, 2-4, 3-5, 4-6, 5-6, 6-41, 7-56, 8-88, 9-91,10-146

පන්දුයැවීම:
නුවන් කුලසේකර : 8-1-23-2, චානක වෙළගෙදර : 8-1-36-3, ශමින්ද එරංග: 7-1-20-1, රංගන හේරත් : 9-0-34-2,මිලින්ද සිරිවර්ධන: 3-0-22-0, චාමර කපුගෙදර: 1ග4-0-6-0,ශෙහාන් ජයසූරිය: 1-0-3-0,

 

..



අදහස් (0)

ශ්‍රී ලංකා (සෙසු) පිල දෙවැනි ජය ලබයි

අරුණ Wednesday, 15 May 2013 11:09 AM

මේ ඉතින් අනාගත්තනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 137 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site