මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති කුසලාන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති තරගයේදී (දිවා/රාත‍්‍රි) දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා (සෙසු) පිල කඩුලූ 3 කින් දිමුත් කරුණාරත්න මෙහෙයවන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල පරාජය කිරීමට සමත් විය.
ඩිල්රුවන් පෙරේරා (නොදැවී 38) සහ රංගන හේරත් (නොදැවී 27) ශ්‍රී ලංකා (සෙසු) පිලේ 8 වැනි කඩුල්ල සඳහා පන්දු 36 කදී ලකුණු 54 ක නොබිඳු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය දක්වා රැුගෙන ඒමට සමත් වූහ.
ඩිල්රුවන් පෙරේරා පන්දු 31 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහක් සමගින් නොදැවී ලකුණු 38 ක් ද, රංගන හේරත් පන්දු 21 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 27 ක් ද, රැස් කළහ.
ශ්‍රී ලංකා (සෙසු) පිල වෙනුවෙන් උපුල් තරංග පන්දු 121 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහක් සමගින් ලකුණු 102 ක් රැස් කළේය.
කෞෂාල් සිල්වා පන්දු 122 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 99 ක් රැුස්කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල ලකුණු 258 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කණ්ඩායම් ඉනිම
දිමුත්කරුණාරත්න - ක.මු. කළා ප. පෙරේරා 3
මහේල උඩවත්ත - ඇ. කපුගෙදර ප. කුලසේකර 9
කෞෂාල්සිල්වා - ඇ. චන්දිමාල් ප. කුලසේකර 99
ජෙහාන්මුබාරක් - ඇ. චන්දිමාල් ප. වෙළගෙදර 54
සචිත‍්‍ර සේරසිංහ - ඇ. වෙළගෙදර ප. එරංග 38
චතුරංග දසිල්වා - ඇ. කුලසේකර ප. පෙරේරා 1
දිල්හාර ලොකුහෙට්ටිගේ - නොදැවී 35
ඉසුරු උදාන - ඇ. හේරත් ප. කුලසේකර 0
මදුර ලක්මාල් - ඇ. කණ්ඩම්බි ප. වෙළගෙදර 0
මාලිංග බණ්ඩාර - නොදැවී 3
අතිරේක 16
එකතුව ඕවර50 කදී කඩුලූ 8ක් දැවී 258
කඩුලුවැටීම:
1-9, 2-22, 3-131, 4-194, 5-197, 6-244, 7-244, 8-246
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා :
අකිල ධනංජය
පන්දු යැවීම:
නුවන් කුලසේකර: 10-0-45-3, දිල්රුවන් පෙරේරා: 10-0-48-2, චානක වෙළගෙදර: 10-0-62-2, ශාමින්ද එරංග : 9-0-52-1, රංගන හේරත්: 10-0-46-0, ශෙහාන් ජයසූරිය : 1-0-1-0
ශී‍්‍ර ලංකා කණ්ඩායම් ඉනිම
ශෙහාන්ජයසූරිය - ඇ. සේරසිංහ ප. ලොකුහෙට්ටිගේ 0
උපුල් තරංග - ප. ලොකුහෙට්ටිගේ 102
ලහිරු තිරිමාන්න - ඇ. උදාන ප. ලොකුහෙට්ටිගේ 4
දිනේෂ් චන්දිමාල් - ප. උදාන 5
තිළිණ කණ්ඩම්බි - ඇ. බණ්ඩාර ප. උදාන 7
චාමර කපුගෙදර - ක.මු. කළා ප. ද සිල්වා 49
දිල්රුවන් පෙරේරා - නොදැවී 38
නුවන් කුලසේකර - ඇ. උදාන ප. ලක්මාල් 6
රංගන හේරත් - නොදැවී 27
අතිරේක 21
එකතුව ඕවර 49.4 කදී කඩුලූ 7ක් දැවී 259
කඩුලු වැටීම:
1-0, 2-23, 3-34, 4-80, 5-175, 6-188, 7-205
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
ශාමින්ද එරංග, චානක වෙළගෙදර
පන්දු යැවීම :
දිල්හාර ලොකුහෙට්ටිගේ : 10-1-38-3, සචිත‍්‍ර සේරසිංහ : 7-0-23-0, මදුර ලක්මාල්: 6-0-51-1,ඉසුරු උදාන : 10-0-58-2, අකිල ධනංජය : 5-0-16-0, මාලිංග බණ්ඩාර : 6-0-39-0, චතුරංග ද සිල්වා : 5.4-0-25-1
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා (සෙසු) පිලට කඩුලූ 3 ක ජයක්
චමී Friday, 17 May 2013 01:39 PM
ඉතින් තරංග දක්ෂතා පෙන්වන්න කියලා ජයසූරිය මහත්තයා කියන්නේ බොරුනේ. (ස)
තලල්ලේ Friday, 17 May 2013 02:02 PM
තරංග කලින් 2ම ලකුණු 0.5 යි. ඉතින් ඕක විතරක් ගැහුවා කියල වැඩක් නැහැ. (නි)
සුරේෂ් තලල්ල Friday, 17 May 2013 08:49 AM
මොකද මේ දිල්රුවන් පෙරේරා ලංකාවේ ටීම් එකට දැන් නැත්තේ එයා හොද තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. (ස)