හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලංකා පිල සමත් විය. තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (9) ශ‍්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩකයෝ ගෝල 7- 4 කින් මාලදිවයින පරාජය කරමින් පළමු වටයේ තරග තුනම ජය ලබමින් අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූහ.
පාපන්දු අවසන් මහා තරගය ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර අද (10) පස්වරු 5.00 ට ආරම්භ වීමට නියමිතය.
මාලදිවයින් කාන්තා පැසිපන්දු පිල ශ‍්‍රී ලංකා පිල පරාජය කිරීම ඊයේ දිනයේ කැපී පෙනෙන සිද්ධියක් බවට පත්විය. මාලදිවයින් පිලේ පුහුණුකරු ලෙස ශ‍්‍රී ලාංකිකයකු වන සුපුන් විමල් මහතා කටයුතු කරයි.
අද (10) ක‍්‍රීඩා උළෙලේ තෙවැනි දිනයයි.
ඊයේ (9) සෙසු තරග ප‍්‍රතිඵල
වොලිබෝල්
පිරිමි - පුබුදු ඒකනායක සහ සම්පත් පීරිස් (21/13 සහ 21/10) විසින් මාලදිවයින පරාජය කරන ලදී.
කාන්තා - ගීතිකා ගුණවර්ධන සහ තක්‍ෂිලා ගුණසිංහ (21/15 සහ 21/16) විසින් නේපාලය පරාජය කරන ලදී.
පැසිපන්දු (පිරිමි)
පිරිමි - ශ‍්‍රී ලංකාව විසින් (21/7) භූතානය පරාජය කරන ලදී.
පැසිපන්දු (කාන්තා)
මාලදිවයින විසින් (12/10) ශ‍්‍රී ලංකාව පරාජය කරන ලදී.
කබඩි (පිරිමි)
පාකිස්තානය විසින් (52/32) ශ‍්‍රී ලංකාව පරාජය කරන ලදී.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්රී ලංකා වෙරළ පාපන්දු ක‍්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබති