කොළඹ හැව්ලොක්ස් පිටියේදී අද (06) පැවැති ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් තරගයේදී ලකුණු 49-18 කින් කසක්ස්තානය පරාජය කළ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ 2014 වසරේදී ප‍්‍රධාන තරගාවලියේ ක‍්‍රීඩා කිරීමේ වරම් ලැබූහ.
ශී‍්‍ර ලංකා පිල ගෝල 5 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර 3 කින් ලකුණු ලබාගත් අතර කසක්ස්තානය ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහර දෙකකින් ලකුණු ලබාගත්තේය.
ශ්‍රී ලංකා පිල 2011 වසරේ ආසියානු ප‍්‍රධාන පස්කොන් තරගාවලියේ අවසන් ස්ථානයට පත්ව පළමු කොටසේ තරගාවලියට ඇද වැටුණු අතර 2012 වසරේ නැවත එම ස්ථානයට පැමිණීමට අපොහොසත් විය.
අද පැවැති අවසන් තරගයේ දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී සත්‍යා රණතුංග ශ්‍රී ලංකා පිලේ සිවුවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කිරීමත් සමග අතිරේක ප‍්‍රසාද ලකුණ ලැබීමෙන් ශ්‍රී ලංකාව තරගය ජය ලැබීමටත් පෙර ප‍්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා ෆුල් බැක් ක‍්‍රීඩක රීසා මුබාරක් අද තරගයේදී පමණක් ලකුණු 19 ක් පිලට එක් කරමින් තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
තරගය ආරම්භ වී සිවුවැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර සාර්ථක කරමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කිරීමට කසක්ස්තානය සමත් විය. එහි උණුසුම මැකී යන්නටත් පෙර 5 වැනි මිනිත්තුවේදී සඳුන් හේරත් සම්පූර්ණ කළ උත්සාහක දිනුමට, රීසා මුබාරක් අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමග ලකුණු 7-3 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණියේය.
හත්වැනි සහ 20 වැනි මිනිත්තුවලදී ශ්‍රී ලංකා පිලට මීටර 20 ක් සහ මීටර 40 ක් පමණ දුරින් ලැබුණු ද`ඩුවම් පහර දෙක ක‍්‍රීඩාංගණයට රැස්ව සිටි 5,000 කට ආසන්න පේ‍්‍රක්‍ෂකයන් මවිතයට පත්කරමින් රීසා මුබාරක් සාර්ථක කිරීමත් සමග ලකුණු පුවරුව 13-3 ක් බවට පත්විය.
ශ්‍රී ලංකා ඉදිරි පෙළ ක‍්‍රීඩක සෙනාල් ඩයස් 30 වැනි මිනිතුවේදී මීටර 50 ක් පමණ දිවයමින් සම්පූර්ණ කළ උත්සාහක දිනුම, රීසා මුබාරක් ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කිරීමත් සමග ලකුණු 20-3 ක් ලෙස ශ්‍රී ලංකාව ජයග‍්‍රාහි මාවතට පිවිසියේය.
කසක්ස්තාන් පිල 35 වැනි මින්ත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කිරීමෙන් ලකුණු පුවරුව 20-6 ක් බවට පත්වූ අතර ඉන් මිනිත්තු 3 කට පසු රීසා මුබාරක් සම්පූර්ණ කළ විශිෂ්ට දඩුවම් පහරත් සමග ලකුණු පුවරුව 23-6 ක් බවට පත්විය.
ශ්‍රී ලංකා රග්බි පේ‍්‍රක්‍ෂකයන්ට සුපිරි තරගයක් පියවි ඇසින් දැක ගැනීමේ අවස්ථාව උදාකර දෙමින් 40 වැනි මිනිත්තුවේදී ෆාසිල් මරීජාගේ අතින් ගයාන් වීරරත්නට ලැබුණු පන්දුව ප‍්‍රදීප් ලියනගේ ගෝල කණු අතර පතිත කළේය. එහි ප‍්‍රවර්ථනය රීසා සාර්ථක කිරීමත් සමග ලකුණු 30-6 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියදී පළමු අර්ධය අවසන් විය.
දෙවැනි අර්ධයේ දෙවැනි, 8 වැනි සහ 15 වැනි මිනිත්තුවලදී පිළිවෙලින් සත්‍යා රණතුංග, ෆසිල් මරීජා සහ චාමර දාබරේ සම්පූර්ණ කළ උත්සාහක දිනුම් තුනෙන් දෙකක ගෝල ප‍්‍රවර්ථන රීසා සම්පූර්ණ කිරීමෙන් ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාව 49 ක් බවට පත්විය.
කසක්ස්තාන් පිල දෙවැනි අර්ධයේ 20 වැනි සහ 29 වැනි මිනිත්තුවලදී සම්ර්ණ කළ උත්සහක දිනුම් දෙකෙන් එකක් ගොලයක් බවට ප‍්‍රවාර්ථනය කිරීම නිසා ලකුණු 49-18 ක් ලෙස තරගය අවසන් විය.
තරගයේ ජය සංකේත ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන අමුත්තා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි විය.
ඡයාරූප - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 18
21
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශී‍්‍ර ලංකා රග්බි පිල ආසියාවේ හොඳම 5 ට එයි
චානක Saturday, 06 April 2013 10:02 PM
මොකක්ද අර අපේ ජනාධිපතිතුමාගේ අතේ තියෙන්නේ?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අනුර Saturday, 06 April 2013 11:14 PM
හරිම සන්තෝෂයි ඔයාලා ගැන. (නි)
කින් බෙනට් Sunday, 07 April 2013 05:30 PM
එහෙම තමයි. වැඩ්ඩෝ වැඩ දානවා... (නි)
දම් Sunday, 07 April 2013 05:04 AM
ඔබේ රට වෙනුවෙන් කැපවී ක්‍රීඩා කිරීමෙන් අපිට තව ක්‍රීඩාවක ඉදිරියේදී ලෝක ශුරයන් විය හැකි දිනය වැඩි අතක නැත (නි)
සදුනි Sunday, 07 April 2013 07:08 AM
අපේ රටේ රග්බි ක්‍රීඩාව ලෝක මට්ටමට දියුණු වෙනවා නම් මේ එයට අවස්ථාවයි. කාන්තාවක් ලෙස මට සතුටුයි අපි ක්‍රිකට් වලටම එල්ලිලා නොඉන්නවා නම් ... (නි)
අරුණ Saturday, 06 April 2013 08:56 PM
හරිම සතුටුයි ශ්‍රීලංකා ජයග්‍රහණය ගැන. (නදී)