IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩකයෝ චීන තායිපේ පිල පරදවති

ආසියානු කණ්ඩායම් පහ අතර රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමේ පළමු කොටසේ තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වූ පළමු තරගයේදී චීන තායිපේ පිලට එරෙහිව ලකුණු 36-08 ක පහසු ජයක් ලැබීය. මෙම තරගාවලිය පිලිපීනයේදී පැවැත්වෙයි. යෝෂිත රාජපක්‍ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 29-03 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. සෙන්ටර් ක‍්‍රීඩක ධනුෂ්ක චතුරංග ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පළමු උත්සාහක දිනුම සම්පූර්ණ කරමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කළේය. චරිත් සෙනෙවිරත්න, සුමේධ මාලේවෙන සහ අචල පෙරේරා පළමු අර්ධයේදී ශ්‍රී ලංකා පිලට තවත් උත්සාහක දිනුම් තුනක් එකතු කිරීමට සමත් වූහ. එහි ගෝල ප‍්‍රවර්ථන රන්දීර් මීපගේ සම්පූර්ණ කළේය. තරගයේ අවසන් මිනිත්තු පහ තුළදී ශ්‍රී ලංකා පිලට තවත් ගෝලයක් එකතු වීමෙන් ලකුණු පුවරුව 36-08 ක් බවට පත්විය. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තරගය අනිද්දා (18) පැවැත්වේ.



අදහස් (0)

ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩකයෝ චීන තායිපේ පිල පරදවති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 331 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site