තරිදු කෞෂාල්ගේ (19/4) දක්‍ෂ පන්දු යැවීම නිසා මැලේසියාවේ පැවැත් වෙන වයස 19න් පහළ අසියානු කුසලාන තරගාවලියේ අද (23 වැනිදා) පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 04 කින් ඇෆ්ගනිස්තානු කණ්ඩායම පරාජය කළේය. කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්තානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර තරිදු කෞෂාල්ගේ දක්‍ෂ පන්දු යැවිම නිසා ඕවර 34.5 කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 129 ක් පමණි. තරිදු කෞෂල් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබිය. ඇෆ්ගනිස්තාන වයස 19 න් පහළ කණ්ඩායම ඕවර 34.5 කදී සියලූ දෙනා දැවී 129 (ජාවෙඞ් අහමඞ් 18, ෂබිර් නුර් 25, නජීබුල්ලා සර්හාන් 17, රනිත ලියනාරච්චි 3/44, තරිදු කෞෂාල් 4/19, අමිල අපෝන්සු 2/15) ශ්‍රී ලංකා වයස 19 න් පහල කණ්ඩායම ඕවර 36.4 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 131 ( නිමන්ත ප‍්‍රනාන්දු 18, ඇන්ජලෝ ජයසිංහ 19, සඳුන් වීරක්කොඩි 42, ළහිරු මධුසංඛ 23, අෆ්තාබ් අලාම් 2/30, ෂබිර් නුර් 2/29)
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ශී‍්‍ර ලංකා යොවුන් පිලට කඩුලූ 4 ක ජයක්