ශ්රී ලංකා පිල සහ ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල අතර කැන්බරාහිදී පැවැත් වූ තුන්දින පුහුණු ක‍්‍රිකට් තරගය අද (08 වැනිදා) තරගය ජයපැරදුමෙන් තොරව නිමාවිය. පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 439 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. දක්‍ෂ පිතිහරඹයක නිරත වූ ඕස්ටේ‍්‍රලියානු යොවුන් පිතිකරු ස්කොට් හෙන්රි පන්දු 283 කදී හතරේ පහර 28 ක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 207 ක් රැුස්කිරීමට සමත් විය. ශී‍්‍ර ලංකා ඉනිම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් පන්දු 152 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 101 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පිටියෙන් ඉවත් විය. ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම - ඕවර 100 කදී කඩුලූ 6 ක් දැවී 439 (ස්කොට් හෙන්රි නොදැවී 207, ග්ලේන් මැක්ස්වෙල් 91, උස්මාන් කවාජා 56, ටේ‍්‍රවීස් හෙඞ් 35, මාකස් හැරිස් 20, ධම්මික ප‍්‍රසාද් 128/2) ශ්‍රී ලංකාව පළමු ඉනිම - ඕවර 109 කදී කඩුලූ 6 ක් දැවී 396 (තිලකරත්න ඩිල්ෂාන් - පිටියෙන් ඉවත් වුණා 101, ප‍්‍රසන්න ජයවර්ධන 71, දිනේෂ් චන්දිමාල් 57, කුමාර් සංගක්කාර 55, දිමුත් කරුණාරත්න 40, මහේල ජයවර්ධන 36, ඇෂ්ටන් ටර්නර් 93/2)
2025 දෙසැම්බර් මස 16
12
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා පිලේ පුහුණු තරගය ජයපැරදුමෙන් තොරව නිමයි
ක්‍රිෂාන් Sunday, 09 December 2012 02:11 PM
සුබ පැතුම් (ස)
කෝලිත Sunday, 09 December 2012 09:07 AM
මුලදි තරග සියල්ල දිනනවා. අන්තිම තරගය අන්ත පරාජයක් ලබනවා. ලංකාවේ ක්‍රිකට් වල හැටි එහෙමයි. (නි)
තත්සරණි Saturday, 08 December 2012 07:27 PM
හැමෝටම සුභ පැතුම්! (නි)
සහන් Sunday, 09 December 2012 12:48 PM
අපේ කට්ටිය දක්ෂයි හැබයි බයවේලා ඉන්න කොට තමයි වැඩේ කචල් වෙන්නේ (ස)