IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශ්‍රී ලංකා පිලේ නිලධාරියකු හීතෲ ගුවන්තොටේ රඳවාගෙන ප‍්‍රශ්න කරයි

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමකර නැවත පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුවකු එංගලන්තයේ හීතෲ ගුවන්තොටුපළේදී සිය ගමන් බලපත‍්‍රය සම්බන්ධයෙන් එහි බලධාරීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලට ලක්වූ බව වාර්තා වේ. එහිදී රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමග පෙරළා ඔහුට දිවයිනයට පැමිණීමට නොහැකි වූ බවත් කෙසේ වුවත් පසුව වෙනත් ගුවන් යානයකින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණි බවත් දැනගන්නට ඇත. මොහු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කමිටුවක ඉහළ තනතුරක් දරණ නිලධාරියකු බව ද පැවසේ. අදාල සිද්ධියේදී ශ්‍රී ලංකා නිලධාරියා සහ හීතෲ ගුවන්තොටුපළ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව ද වාර්තා වේ. පෙරළා පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ චෙන්නායි ගුවන්තොටුපළේ පැය 10 කට අධික කාලයක් රැදි සිටිය ද එහිදී ද ආදාල නිලධාරියා කණ්ඩායමට එකතු වීම සඳහා පැමිණ නොසිටි බව වාර්තා වේ. මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ අදාල නිලධාරියාගෙන් හීතෲ ගුවන්තොටුපළේදී ප‍්‍රශ්න කිරීමක් කර ඇති බවත් පසුව වෙනත් ගුවන්යානයකින් ඔහු නැවත ලංකාවට පැමිණි බවත්ය.



අදහස් (0)

ශ්‍රී ලංකා පිලේ නිලධාරියකු හීතෲ ගුවන්තොටේ රඳවාගෙන ප‍්‍රශ්න කරයි

චාමර Monday, 14 May 2012 05:09 PM

ඔක මොකක්ද ? ෂාරුක් ඛන්ව පැය ගණනක් ඇමෙරිකාවේ ගුවන්තොටුපොළක පැය ගණනක් තියාගත්තෙ.

:       0       0

රූපසිංහ Monday, 14 May 2012 01:17 PM

අනේ ඉතින් අපේ ශ්‍රී ලාංකිකයාගේ හොද සිරිතක් නේ මේ කනට ගහනකොට අනික් කන පාන එක. ඔවුන් මෙහාට ආ විට අපි ඔවුන්ව මල් මාල දාල පිලිගමුකෝ නේද අනේ.

:       0       0

චමින්ද පීරිස් Monday, 14 May 2012 01:36 PM

ගුවන් ගමන් බලපත්‍රයෙ ගැටඵ නැත්නම් ජාත්‍යංතර ගුවන් තොටුපලවල් වලින් කිසිම කරදරයක් නැතිව යන්න එන්න පුඵවන්.

:       0       0

නීල් Monday, 14 May 2012 03:09 PM

මොකද මොහු වැඩ කරන්නේ ලංකාවේ වැඩිපුරම අපරාද දූෂණ සිදු වන තැනක

:       0       0

දී Tuesday, 15 May 2012 08:09 AM

සුද්ධො අපේ අයට වඩා හොදයි. සුද්දො බලන්නේ බලපත්‍රය විතරයි. ලංකාවෙ ඔක්කොම බලනවා

:       0       0

අලිබබා Monday, 14 May 2012 03:33 PM

මේවා සියල්ලම ජාත්‍යන්තර මටිටමෙ කුමන්ත්‍රණයන්ය. මන්දයත් ගුවත්තොටුපල නිලධාරීන්ට තමන්කැතිකෙනෙකු රදවාතබාගැනීමත් කැමති අයව පිටත්කිරීමත් ඔවුන්ගේ කාර්‍යභාර්‍යයි. නමුත් මෙවැනි දේ නිසියාකාරව සිදුකෙරෙනවාදැයි කියන පුශ්නයක් අප තුල පැණනගී.ජාත්‍යන්තර මටිටමෙි හොජාවාරමි කාරයින් සියල්ලන්ම පැමිනෙන්නේද ජාත්‍යන්තර ගුවන්තොටුපලවල් මාර්ගයෙනි. නමුත් ඔය කියනනිලධරයන්ට එවැනි අය අසුවන්නේ කලාතුරකිනි. ගුවන්තොටුපලවල වගකිවයුතු නිලදරයන්ගේ නීති සමිපාදනය කෙසේවෙතත් වැදගත් සමහරුන් පුභු වරුන්ගේ චරිතයන් ඝාතනය කිරීමටනමි හරි දක්ෂයන්බව මෙයින් තහවුරු වන කරුණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site