සාක් තරග පරාජයෙන් පසු ජාතික පාපන්දු සංචිතය විසුරුවා හැරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. එහි ප‍්‍රධාන උපදේශක ලෙස කටයුතු කළ කොරියානු ජාතික පාපන්දු පුහුණුකරු ජංග් ජුංග් මහතා පසුගිය සිකුරාදා (16) ශ්‍රී ලංකාවේ සේවයෙන් සමුගෙන දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තා වේ.
වසර 2006 දී ශ්‍රී ලංකාවේ සේවයට පැමිණි ජංග් ජුංග් මහතාගේ පුහුණු කිරීම් සමගින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වසර 2006 කොළඹ දී පැවැති 10 වැනි සාක් ක‍්‍රීඩා උළෙලේ පාපන්දු රිදී පදක්කම හිමි කර ගත්තේය.
විසුරුවා හරින ලද ජාතික පාපන්දු සංචිතය ක‍්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත වූ අතර ජංග් ජුංග් මහතාට අමතරව එහි සහය පුහුණුකරුවෝ දෙදෙනෙක් ද කටයුතු කළහ.
නවදිල්ලි නුවර දී නිමාවට පත්වූ සාක් පාපන්දු තරගාවලියේ දී මූලික වටයෙන්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට එහිදී ජයගත හැකිවූයේ භූතානයට එරෙහිව තරගය පමණි.
මෙම තරග පරාජය ගැන නවදිල්ලි නුවර දී ශ්‍රී ලංකා මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජංග් ජුංග් මහතා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ ක‍්‍රීඩකයන්ගේ දුර්වලතා සාක් තරග පරාජයට හේතු වූ බවයි.
අන්තර්ජාතික තරග අත්දැකීම් නොතිබූ නවක ක‍්‍රීඩකයන් බහුතරයක් කණ්ඩායමට ඇතුළත්වීම ද මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද පසුබෑමට හේතු වූ බව ඔහුගේ අදහස විය.
නවදිල්ලි පරජයත් සමග කොරියානු පුහුණුකරුගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කළේය. ඔහුගේ ගිවිසුම් කාලය මෙම දෙසැම්බර් මාසයේ දී අවසන් වීමට ද නියමිතව තිබුණි.
මේ අතර ලබන වසරේ දී ශ්‍රී ලංකාවට ප‍්‍රධාන පෙලේ අන්තර්ජාතික තරග කිසිවක් නොමැති බැවින් ද ජාතික පාපන්දු සංචිතයේ නව තේරීම් ප‍්‍රමාද වනු ඇතැයි ද වාර්තා වේ.
ජංග් ජුංග්ගෙන් හිස් වූ පුහුණුකරු ධුරයට සුදුස්සෙක් තවමත් යෝජනා වී නොමැති අතර ඒ සඳහා පත්කර ගන්නේ විදේශීය පුහුණුකරුවකු ද දේශීය පුහුණුකරුවෙකු ද යන්න පිළිබඳවත් පාපන්දු සම්මේලනය අවසන් තීරණයක් ගෙන නොමැති බව පාපන්දු සම්මේලන කළමනාකාර මණ්ඩලයේ සභාපති මනිලාල් ප‍්‍රනාන්දු මහතා ”ලංකාදීප”ය කළ විමසුමක දී පැවසීය.
සාක් පාපන්දු තරගාවලියට සහභාගි වන විට ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 177 වැනි ස්ථානයේ පසු විය. එහෙත් දිල්ලි තරගාවලියේ පරාජයත් සමග එය තවත් පසුපසට යනු ඇතැයි ද වාර්තා වේ.
දකුණු ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව කලාපයේ රටවල් අට අතරේ ශ්‍රී ලංකාව පසුවන්නේ හත් වැනි ස්ථානයේය.
වසර 2011 ට ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 10 කට අධික මුදලක් වැය කළ බව ද පාපන්දු සම්මේලනය අනාවරණය කරයි.
සාක් තරගාවලියට පෙර ජාතික පාපන්දු කණ්ඩායම ඩුබායි නුවර පැවැති පුහුණු තරග සංචාරයකට ද සහභාගි විය.
මේ අතර පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරියෙකුට එල්ලවී තිබෙන චෝදනාවක් වන්නේ පුහුණු සංචිතයේ ඇතැම් දීමනා කපා දැමීමට පියවර ගැනීමෙන් ක‍්‍රීඩකයන් අධෛර්යට පත් වූ බවයි. සාක් තරගාවලිය දිනාගතහොත් පමණක් ඒ ගැන කතා කරමු යයි ඔහු ඒ ගැන විමසූ ක‍්‍රීඩකයන්ට ප‍්‍රකාශ කළ බවත් වාර්තා වේ.
බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම
බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.
විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ
පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ
ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්රී ලංකා පාපන්දු සංචිතය විසුරුවා හරී
හිල්මි Monday, 19 December 2011 10:12 AM
පාපන්දු සම්මේලන කළමනාකාර මණ්ඩලයේ සභාපතිත් යනවද?