දසවැනි කාන්තා ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකා පිල සහභාගි වන අවසන් තරගය දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව හෙට (13) මුම්බායිහිදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිතය.
‘සුපිරි හය’ වටය අවසන් කරමින් හෙට පැවැත්වෙන නවසීලන්තය සහ එංගලන්තය අතර සහ ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග දෙක ඉතාමත් තීරණාත්මක වී තිබේ.
අවසන් මහා තරගයට මේ වන විටත් සුදුසුකම් ලබා සිටින ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල ජය ලැබුවහොත් කිසිඳු ආබාවකින් තොරව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. කොදෙව් ක‍්‍රීඩිකාවෝ ඉතිහාසයේ පළමු වරට නවසීලන්තය පරාජය කරමින් පෙරමුණට පැමිණීමට සමත් වූහ.
ලෝක කාන්තා ක‍්‍රිකට් පිටියේ ප‍්‍රබල කණ්ඩායම් දෙකක් වන එංගලන්තය සහ නවසීලන්තය අතර හෙට පැවැත්වෙන දිවා රාත‍්‍රි තරගයෙන් ජය ලබන කණ්ඩායමට, කොදෙව් පිල ඕස්ටේ‍්‍රලියාව හමුවේ පරාජයට පත්වුහොත් ශූද්ධ ලකුණු වේගය අනුව අවසන් මහා තරගයට පැමිණීමේ අවස්ථාව තිබේ.
ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු 8 ක් ද, බටහිර ඉන්දීය කොදෙව් ප‍්‍රසාද ලකුණු 6 ක් ද ලබා සිටියි. එංගලන්තය සහ නවසීලන්තය ප‍්‍රසාද ලකුණු 4 බැගින් ලබා සිටින අතර ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 2 ක් ලබා සිටියි. දකුණු අප‍්‍රිකාව ප‍්‍රසාද ලකුණු හිමිකර ගෙන නැත.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා - දකුණු අප‍්‍රිකානු කාන්තා ක‍්‍රිකට් තරගය හෙට