(ටී.කේ.ජී.කපිල )
මෙම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු ඉනිමේ හැර ඉතිරි තරග ඉනිම් වලදී තම කණ්ඩායමේ පිතිකරුවන් ඇතුළු අනෙකුත් ක්‍රීඩකයින් පිරිස හොදින් ක්‍රීඩා කළ බව , ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා අද(11 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය. .
ඔහු එසේ පැවසූවේ ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලිය යටතේ , දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට සහභාගී වී ආපසු මෙරටට පැමිණීම සදහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ දීය .
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධනංජය ද සිල්වා , දකුණු අප්‍රිකාවේ පැවති දුෂ්කර තත්වයන් යටතේ තම කණ්ඩායම මෙම තරගාවලියට ක්‍රීඩා කළ බවත් , තවමත් අපට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකි බවත් ප්‍රකාශ කළේය .
ඒ සදහා ඉදිරි දින වල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත , ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා තරගාවලිය පිළිබඳ , තමන් දැඩි බලාපොරොත්තු තබා ගෙන ඇති බව ද පැවසීය .
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
ජිල්බු Wednesday, 11 December 2024 01:09 PM
ඔස්ට්‍රේලියාව එක්ක නේද? දැඩි කියන්නෙ, උපරිම දැඩි බලාපොරොත්තු තියාගෙන ඉන්න, ක්‍රීඩකයා. බලාපොරොත්තු ටික තදකරල අල්ලගෙනත් ඉන්න.
Rex Wednesday, 11 December 2024 01:43 PM
ඡන්දෙන් පැරදුණු අයගේ කතාවක් මෙයා කියලා තියෙන්නේ .. ඉනිම 3 හොඳට සෙල්ලම් කරා නම් ටෙස් මැච් දෙකම පරදින්න බෑ නේ.. මෙවැනි කතා කියලා හිත සනස ගන්න එපා. ඇත්ත කියන්න අපිට වඩා හොඳට දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළා කියලා.. ඒක තමයි ක්‍රීඩාවේ මහත්මා ගුණය සහ ගතිය
Don Wednesday, 11 December 2024 05:27 PM
මැච් 2 විතරක් නෙවෙයි... ඉනිම 4කුත් පරාද වෙලා ඉන්නේ...!
Lalla Wednesday, 11 December 2024 05:36 PM
බැරිකමට පිළිතුර ධෛර්යයමත්ව නොනැවතී පුහුණුවීම. උදාහරණය සංගා. ශතකයක් ගත්තත් පසුවදාත් නැවත පුහුණුවේ. ඔහු ආදර්ශයට ගන්න. කවුරුත්ම සුපිරි නෑ. උත්සාහ කරන්න ඕනෑ...
ජගත් ලියනගේ Wednesday, 11 December 2024 10:44 PM
පෙර සූදානම මදි. අපේ ක්‍රීඩකයින්ට ඉපිලෙමින් දෝලනය වන පන්දුවලට මුහුණදීමේ නොහැකියාව නිසා තමයි පරාද වුනේ...
fairoos Thursday, 12 December 2024 10:48 AM
හොඳට දිනන්නඩ තිබිච්ච තරග පැරදිලා