සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් (දිවා/රාත‍්‍රී) කඩුලූ 5 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සමත්වුහ. ලකුණු 300 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 48.4 කදී ලකුණු 304 ක් ලබා ජයග‍්‍රහණය වාර්තා කළේය. තිසර පෙරේරා විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් වේගවත් ලකුණු 69 ක් නොදැවී ලබා ගත්තේය. තිසර තරගයේ ජයග‍්‍රහණය වාර්තා කළේ දැවැන්ත හයේ පහරකිනි. තිසර පන්දු 44 කදී ලබාගත් ලකුණු 66 ට හතරේ පහර තුනක් සහ හයේ පහර පහක් ඇතුළත්විය. තරගාවලිය පුරා ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ලකුණු අතර සිටි දිනේෂ් චන්දිමාල් මෙම තරගයේද ලකුණු 59 ක් ලබා ගත්තේය. නායක තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 87 කට දැවී ගියේය. කෙසේ වෙතත් තරගාවලිය 3-1 ක් ලෙස දකුණු අප‍්‍රිකාව මේ වන විටත් ජය ලබා සිටියි.
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී ලංකා ක‍්‍රීඩකයෝ සිවුවැනි එක්දින තරගය ජය ගනිති
මනෝජ් Saturday, 21 January 2012 02:35 AM
ජයවේවා නියමයි. දිගටම ඔහොම ගහන්න..
senadhi Saturday, 21 January 2012 06:15 AM
තුන්වෙනි තරගයත් අපි දිනන්න බොහෝ විට ඉඩ තිබ්බා වර්ෂාවෙන් බාධ නොවුනානම්,අද අපේ පිතිකරුවන් සාර්ථක ලෙස පහර දුන්නා නවක ක්‍රීඩකයන් ගැන ඇත්තටම සතුටුය්,නායකත්වයෙන් සුපුරි ඉනිමක් ක්‍රීඩාකර දිල්ෂාන් සහ චන්දිමාල් ඒ වගේම තිසර පෙරේරාට මගේ සුභ පැතුම් !
ku Saturday, 21 January 2012 08:30 AM
මහේල කණ්ඩායමෙන් අයින් කළාම තරග දිනන්න පුලුවන්්..
සරත් කුමාර Saturday, 21 January 2012 11:09 AM
. මහේල සහා සංගක්කාර දැන්මම ඉවත් කළ යුතුයි.
ප්‍රභාත් Saturday, 21 January 2012 07:04 PM
මහේල සංගක්කාර ඉවත් කරලා දන්නේ ඔය සරත් කුමාර කියන පොරවද ?