IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය මාර්තු 30 දා ?

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය (2013/2014) ලබන මාර්තු මස 30 වැනිදා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. උපාලි ධර්මදාස මහතාගේ සහභාගිත්වයෙන් යුත් ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන නිලධාරී මණ්ඩලයේ නිල කාලය මෙම මස මුලදී අවසන් විය.  
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඊළග නිලවරණයේදී සභාපති ධූරයට ශ්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවේ වසර කීපයක් කටයුතු කළ නිලධාරියකු ඉදිරිපත්වීමේ සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
හිටපු ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායක වර්තමාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි අර්ජුන රණතුංග මහතාට ද නිලවරණයට ඉදිරිපත් වන ලෙස ක‍්‍රීඩා සමාජ කීපයක් ආරාධනා කර ඇති බව ද දැනගන්නට ඇති අතර ඒ මහතා ක‍්‍රිකට් ආයතනයේ හිටපු ප‍්‍රබල නිලධාරියකුට සම්බන්ධ පාර්ශවයක් සමග එකතුව නිලවරණයට ඉදිරිපත්විමේ සූදානමක් පවතින බව ද වැඩි දුරටත් වාර්තා වේ.
ක‍්‍රිකට් නිලවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස පසුගියදා පැවැති විශේෂ රැස්වීමකදී ඉහළ දේශපාලන බලධාරියකුගෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට උපදෙස් ලැබී ඇති බව ද කියවේ.



අදහස් (0)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය මාර්තු 30 දා ?

නලීන් Wednesday, 30 January 2013 12:05 PM

අර්ජුන මහත්තයා ආවා නම් ක්‍රිකට් දියුණු වේවි. (නි)

:       0       0

රවිනාත් Wednesday, 30 January 2013 01:03 PM

අර්ජුන තමයි සුදුසු. කෙලින් වැඩ කරන දක්ෂ පුද්ගලයෝ රටේ නිලතලවලට පත් විය යුතුයි. ආශ්චර්යේ සිහිනය බොඳ කරන්නේ අනුවන දූෂිත පිරිස් බව නායකත්වයට වැටහේවා!(ස)

:       0       0

උදේශ් Wednesday, 30 January 2013 01:29 PM

අර්ජුන ඔබ එන්න . අපිත් ඔබ සමඟයි (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 01:57 PM

ක්‍රීඩාවට හොදක් වෙයිද?

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 01:59 PM

සේවයක් කරන්න පුළුවන් කෙනෙකු පත් වේවා (දී)

:       0       0

රාජිත Wednesday, 30 January 2013 02:09 PM

ක්‍රීඩාවට හොදක් කරන්න (දී)

:       0       0

ජනක Wednesday, 30 January 2013 02:56 PM

අර්ජුන තමයි සුදුසුම. (නි)

:       0       0

ඉසුරු Wednesday, 30 January 2013 03:12 PM

අර්ජුන අනිවාර්‍යයෙන්ම ඇවිත් දිනන්න ඕනි (ස)

:       0       0

සමන් Wednesday, 30 January 2013 03:17 PM

අර්ජුන රට ගැන සිතා වැඩ කරන්න ...දේශපාලනය ඈදා ගන්න එපා (ස)

:       0       0

රොෂාන් Wednesday, 30 January 2013 04:15 PM

ක්‍රිකට් වල හැමදාම චන්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site