කි‍්‍රකට් විනිසුරුවන් සඳහා ගෙවිය යුතු දීමනා මාස හතක් තිස්සේ හිරවී ඇතැයි කි‍්‍රකට් විනිසුරු ආරංචි මාර්ග සඳහන් කරයි. තරග විනිශ්චය කිරීම වෙනුවෙන් ඔවුන්ට ලබාදිය යුතු මෙම දීමනා මාස ගණනාවක් තිස්සේ මෙසේ හිඟ පවතින්නේ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට ඒ සඳහා ගෙවීමට මුදල් නොමැතිවීම නිසා බව වාර්තාවේ. කි‍්‍රකට් ආයතනය මෙහෙයවන දේශීය තරග මාලා ගණනාවකදී මෙන්ම අන්තර් ජාතික තරග මාලා කීපයකට සේවය ලබාදුන් මෙරට කි‍්‍රකට් විනිසුරුවන් ඇතුළුව තීරකවරුන් හා ලකුනු සටහන්කරුවන් පිරිසකට ද මෙලෙස මාස ගණනාවක් ගෙවීම් හිඟ තැබීම ගැන ඔවුන් දැඩි කණස්සල්ල පළ කරති. පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා පැවැති වයස 23න් පහළ අන්තර් සමාජ තරගාවලිය අවසන් පූර්ව වටය, ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ තෙදින තරගය, ප‍්‍රධානතම එක් දින තරගාවලිය, බංග්ලාදේශ කාන්තා කි‍්‍රකට් පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය, එංගලන්ත ”ඒ” කි‍්‍රකට් පිලේ ශ්‍රී ලංකා තරග සංචාරය හා දැන් පැවැත්වෙන අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ සේවය ලබාදීම වෙනුවෙන් විනිසුරුවන්, තීරකවරුන් සඳහා හිඟ ගෙවීම් කළ යුතුව ඇතැයි වාර්තාවේ. වාර්තාවන පරිදි ඔවුන් 50 දෙනකුට ආසන්න පිරිසකට එම ගෙවීම් කළ යුතුය. කි‍්‍රකට් විනිසුරුවන් පිරිසක් ”ලංකාදීප”යට පැවැසුවේ පෙබරවාරි මාසය අවසන්වීමට පෙර හිඟ දීමනා ගෙවීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රතිඥා දී සිටි බවයි. කි‍්‍රකට් ආයතනයේ දැන් උද්ගතවී තිබෙන බව කියන මූල්‍යමය අර්බුදය හමුවේ අන්තර් සමාජ තරගාවලි සඳහා සහභාගිවන කී‍්‍රඩා සමාජ සඳහා ගෙවීම්ද ප‍්‍රමාද වූ බව වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විනිසුරුවන්ටත් ණය වෙයි