IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් 4 කට තහනම් උත්තේජක චෝදනා?

හම්බන්තොට නගරයේදී හෙට (8) ආරම්භ වන පළමු දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කායවර්ධන කණ්ඩායමේ ක‍්‍රීඩකයන් සිවු දෙනකුගේ තහනම් උත්තේජක ශරීරගත වී ඇතැයි ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි වාර්තාවේ. එම ක‍්‍රීඩා උළෙලේ කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගිවීමට නියමිතව සිටින ක‍්‍රීඩකයන්ගේ සංඛ්‍යාව හයකි. ඉන් හතර දෙනෙකුට තහනම් උත්තේජක ශරීරගතවීමේ චෝදනාව ලබා සිටීම විශේෂ සිදුවීමකි. නිල නොවන ආරංචි මාර්ගවලින් කියවුණේ චෝදනාලාභී ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලෙන් ඉවත් කෙරෙන බවයි. හම්බන්තොට නගරයේදී දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේ කායවර්ධන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදා (10) ය. ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන්ට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම ගැන කායවර්ධන සම්මේලනයේ ලේකම් කපිල කුමාර මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවැසුවේ ඊයේ (6) රාත‍්‍රිය වනතරු සිය සම්මේලනය නිල වශයෙන් දැනුවත් කර නොතිබූ බවයි. කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන චන්දන අලූත්ගේ මහතා පැවැසුවේ ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් සිවු දෙනකුට තහනම් උත්තේජක චෝදනා එල්ලවීම බරපතළ සිද්ධියක් බවත් ඊට කායවර්ධන සම්මේලනයේ ජාතික පුහුණුකරු වගකීම බාරගත යුතු බවත්ය.



අදහස් (0)

ශ්‍රී ලංකා කායවර්ධන ක‍්‍රීඩකයන් 4 කට තහනම් උත්තේජක චෝදනා?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site