ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති ලී නින් අන්තර්ජාතික කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ සමත්වුහ. තරගාවලිය ඊයේ (6) කිංග්ස්වේ ක‍්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්විය. තරගාවලියට සත්කාරක ඕස්ටේ‍්‍රලියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ මැලේසියාව ආදී රටවල් රැසකින් 19 න් පහළ වයස් කාණ්ඩයේ ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ සහභාගිවුහ. ශ්‍රී ලංකාවේ ළහිරු අඹේගොඩ සහ පමෝද හෙට්ටිආරච්චි පිරිමි යුගල ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර ඔවුහු එහිදී රිදී පදක්කම හිමි කරගත්හ. ඉන්දුනීසියාවේ හෆීස් ෆයිසාල් සහ පුට්රා රහෝමා හමුවේ 21/7, 21/10 ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙදෙනා පරාජය ලැබුහ. ඉන්දුනීසියනු කී‍්‍රඩකයෝ තරගාවලියේ යුගල ඉසව්වේ ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටියහ. සුෂ්මිතා ඉලංගකෝන් කාන්තා කේවළ ඉසව්වේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය. සුෂ්මිතා අවසන් පුර්ව තරගයේදී රන් පදක්කම දිනාගත් පිලිපීන කී‍්‍රඩිකා මල්විනී ඈන් හමුවේ 21/12, 21/11 ක් ලෙස පරාජය වුවාය. කාන්තා කේවළ ඉසව්වේදී සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් වු මධුෂිකා දිල්රුක්‍ෂි දෙවැනි වටයෙන් ද, සචිනි සමරසිංහ අර්ධ අවසන් පුර්ව වටයෙන් ද පරාජයට පත් වුහ. පිරිමි කේවළ ඉසව්වේදී දමිත් බණ්ඩාර, ළහිරු අඹේගොඩ, සෙනුර හපුආරච්චි, පමෝද හෙට්ටිආරච්චි, ලක්‍ෂිත මධුෂ තෙවැනි වටයේදී පරාජයට පත්වුහ. රවිඳු රණතුංග සහ සචින් ද සිල්වා දෙවැනි වටයේදී පරාජය ලැබුහ. බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් ලොව ඉදිරියෙන්ම සිටින රටක් වන මැලේසියානු ක‍්‍රීඩකයකු පරදවා ළහිරු අඹේගොඩ තෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීම කැපී පෙනේ. මිශ‍්‍ර යුගල ඉසව්වේදී ළහිරු අඹේගොඩ සහ මධුෂිකා දිල්රුක්‍ෂි අර්ධ අවසන් පුර්ව වටයේදී පරාජයට පත්වුහ. ජාතික කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේදී (2011) දස්කම් දැක්වු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පිරිසක් මෙම තරගාවලියට සහභාගිවුහ.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශී‍්‍ර ලංකා කනිෂ්ඨ බැඞ්මින්ටන් කණ්ඩායමට ඕස්ටේ‍්‍රලියාවේදී රිදී - ලෝකඩ පදක්කම්