සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර බංග්ලාදේශයේදී අද (11) පැවැති කාන්තා ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 6 ක පහසු ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර පැවැති තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්විය.
ලකුණු 130 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 28.1 කදී ලකුණු 133 ක් ලබා ජයග‍්‍රහණය ලැබීය.
ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඒෂානි ලොකුසුරිය පන්දු 36 කදී හතරේ පහර පහක් සමග නොදැවී ලකුණු 40 ක් ලබා ගත්තාය. පන්දු යැවීමේදී සුවිනි ද අල්විස් ලකුණු 22 කට කඩුලූ තුනක් ලබා ගැනීමට සමත්වුවාය.
බංග්ලාදේශ පිල ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 129 (අයේෂා අක්තර් 15, රුමානා අහ්මඞ් 15, ෆර්ජාන් හක් 34, සල්මා කාටුන් 17, සුක්තරා රෙහෙමාන් 19, සුවිනි ද අල්විස් 22/3)
ශ්‍රී ලංකා පිල ඕවර 28.1 කදී කඩුලූ 4 ක් දැවී 133 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 38, චමරි අතපත්තු 22, ඒෂානි ලොකුසුරිය නොදැවී 40, සඳමාලි දොළවත්ත නොදැවී 14, රුමානා අහ්මඞ් 23/2)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල දෙවැනි ජයත් ලබයි