ශෂිකලා සිරිවර්ධනගේ තුන් ඉරියව් දස්කම් නිසා සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව දඹුල්ල අන්තර්ජාතික කී‍්‍රඩාංගණයේදී අද (11) පැවැති පළමු එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 82 ක ජයක් ලැබුහ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 239 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් පිලට ඕවර 50 අවසානයේදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 156 කි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන පන්දු 92 කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 53 ක් ලබා ගත්තාය. ශෂිකලා පන්දු යැවීමේදී ලකුණු 33 කට කඩුලූ 2 ක් බිද දැමීය.
දෙරට අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අනිද්දා (13) දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 50 කදී කඩුලූ 8 ට 238 (ඉනෝකා ගලගෙදර 25, චමරි අතපත්තු 48, සුවිනි ද අල්විස් 17, ශෂිකලා සිරිවර්ධන නොදැවී 53, සඳමාලි දොලවත්ත 19, දිලානි මනෝදරා 15, කඞ්සා ටුල් කුබ්රා 44/3)
බංග්ලාදේශ කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 50 කදී සියලූ දෙනා දැවී 156 (රුමානා අහ්මඞ් 35, ෆර්ජානා හුක් 17, සල්මා කාතූන් 31, ලටා මොන්දාල් 35, සුවිනි ද අල්විස් 22/3, ශෂිකලා සිරිවර්ධන 33/2)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ශ්රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට ලකුණු 82 ක ජයක්