IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ශී‍්‍ර ලංකා - කොදෙව් - ඉන්දියා තුන්කොන් තරගාවලිය හෙට සිට

බටහිර ඉන්දීය කොදෙව්හි තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් අතර තරගය හෙට (28) ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි ‘සබීනා’ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා මෙම තරගයක් වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියට සත්කාර බටහිර ඉන්දීය කොදෙව් පිලට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සහභාගි වෙති.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් දෙකම එංගලන්තයේදී පැවැති ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියෙන් පසුව සහභාගි වන පළමු තරගය මෙයයි. ශී‍්‍ර ලංකා කණ්ඩායමක් සබීනා පිටියේදී එක්දින තරගයකට සහභාගි වන දෙවැනි අවස්ථාවද මෙය වෙයි.

මීට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම කී‍්‍රඩාංගණයේදී එක්දින තරගයකට සහභාගි වූයේ 2007 ලෝක කුෂලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේදී නවසීලන්ත පිලට එරෙහිවය.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වූ ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ගේ සේවය ශ්‍රී ලංකා පිලට මෙම තරගාවලියේදී අහිමිවී ඇති අතර එම ස්ථානයට තවත් ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංග කැඳවා තිබේ.
ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වූ ප‍්‍රවේගකාරි පිතිකරුවකු මෙන්ම තුන් ඉරියව් ක‍්‍රීඩකයකුද වන තිසර පෙරේරා වෙනුවට පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් මෙම සංචාරයට එක්ව සිටියි.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කී‍්‍රඩා කළ බටහිර ඉන්දීය කොදෙව් පිලෙන් ප‍්‍රවීණ පිතිකරු රැුම්නරේෂ් සර්වාන් සහ ජේසන් හෝල්ඩර් ඉවත්කර තිබේ.

තරග කාලසටහන

  • ජූනි 28 . ශ්‍රී ලංකාව සහ බ. ඉ. කො. අතර ජැමෙයිකාහිදී
  • ජූනි 30 . ඉන්දියාව සහ බ. ඉ. කො. අතර ජැමෙයිකාහිදී
  • ජූලි 02 . ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජැමෙයිකාහිදී
  • ජූලි 05 . ඉන්දියාව සහ බ. ඉ. කො. අතර ටි‍්‍රනිඩෑඞ්හිදී
  • ජූලි 07 . ශ්‍රී ලංකාව සහ බ. ඉ. කො. අතර ටි‍්‍රනිඩෑඞ්හිදී
  • ජූලි 09 . ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටි‍්‍රනිඩෑඞ්හිදී
  • ජූලි 11 . අවසන් මහ තරගය ටි‍්‍රනිඩෑඞ්හිදී

(..)



අදහස් (0)

ශී‍්‍ර ලංකා - කොදෙව් - ඉන්දියා තුන්කොන් තරගාවලිය හෙට සිට

සදකුමාර Friday, 28 June 2013 09:40 AM

කෝ අපේ කොල්ලො දෙන්නා නැහැනේ. 96 කොහොමද අපි? (නි)

:       0       0

තරිඳු Thursday, 04 July 2013 04:27 PM

මම කිව්වනේ.. (ස)

:       0       0

සමීර සාලින්ද Friday, 28 June 2013 10:44 AM

අපි මොකද කරන්නේ. මේ පාරත් කාලා ඒවිද?(නදී)

:       0       0

ගැමි Friday, 28 June 2013 02:17 AM

තිසර ගෙන්වා ගන්න අපහු, රංගන හේරත්ට පොඩි නිවාඩුවක් දෙන්න (නි)

:       0       0

තරිඳ Thursday, 27 June 2013 05:57 PM

අනිවාර්යෙන් උපුල් 100 ක් ගහනවා ..... ලංකාව දිනනවා ..(අ)

:       0       0

කපිල Thursday, 27 June 2013 06:05 PM

කණ්ඩායමේ හොදම ක්‍රීඩකය කපිල [තිසර පෙරේරා ]තේරීම් කමිටුවේ ගොන් රල (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 27 June 2013 06:28 PM

ප්‍රතිපල මම කලින්ම කියන්නම් , ඉන්දියාව සහ ලංකාව අවසන් තරගයට ඇවිත් අපේ මිනිස්සු ඕනෑකමින්ම පරදීවි. මේ ගොල්ලන්ට දෙන මුදල් ලංකාවේ කාන්තා කණ්ඩායමට දෙන්න. කෙල්ලො ටික කැපවීමකින් ක්‍රීඩා කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site