තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලබා ගත් ලකුණු 119 සහ තිසර පෙරේරාගේ දක්‍ෂ පන්දු යැවිම නිසා (44/6) තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රීකට් තරගාවලියේ මහනුවර පල්ලේකැළේ ක‍්‍රීඩාංගණයේදී (09) පැවති දෙවන තරගයෙදී ශ්‍රී ලංකා කණුඩායම විසින් පාකිස්තාන කණ්ඩායම ලකුණු 75 පරාජය කිරීමට සමත් විය.
කාසියේ වාසිය ලැබු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කර අතර පළමු තරගයේ වැරදී නිසි ලෙස අවබෝධ කර ගනිමින් ශී ලංකා පිල විශාල ලකුණු ප‍්‍රමාණයක් වෙත කැදවාගෙන යැමට ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කළේය. ඩිල්ෂාන් පන්දු 139 කදී හතරේ පහර 11 සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 119 රැස් කිරීමට සමත් විය.
අති විශිෂ්ට පන්දු යැවිමක නිරත වු තිසර පෙරේරා ලකුණු 44 ට කඩුලූ 6 ක් බිද දමමින් ශ්‍රී ලංකා පිලේ ජය මාවත විවර කර දුන්නේය. තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරා වීසින් දිනා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 280 රැස් කර අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩාකල පාකිස්තාන කණ්ඩායම ඕවර 46.2 කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකීවුයේ ලකුණු 204 ක් පමණි.
මෙම තරගය ජය ගැනිමත් සමග (1-1) ලෙස තරගාවලිය සම කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකාව ඕවර 50 කදී කඩුලූ 4 ක් දැවී 280 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 119 , දිනේෂ් චන්දිමාල් 32, මහේල ජයවර්ධන 53, තිසර පෙරේරා 24)
පාකිස්තාන කණ්ඩායම ඕවර 46.2 කදී සියලූ දෙනා දැවී 204 (අෂ්හර් අලී 96, මිස්බා උල් හක් 27, සර්ෆාෂ් අහ්මඞ් 20, තිසර පෙරේරා 44/6, නුවන් කුලසේකර 33/2, ලසිත් මාලිංග 40/2)
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 75 විශිෂ්ට ජයක්
සන්ජීව Monday, 11 June 2012 02:07 AM
දැන් ඉතිං ඊළග මැච් එක පැරදුනොත් පලු යන්න බනී.සියළු දෙනාම දැනගන්න.අපේ ටීම් එකේ කිසිම දක්ෂයෙක් නෑ.අපි දිනන්නේ වාසනාවට.
Chanaka Sandaruwan Monday, 11 June 2012 02:35 PM
කාණ්ඩායම් හැඟීෙමන් ක්‍රීඩා කළ බවක් ෙපණුනා එ්ක තමයි ජයග්‍රහණයට ෙහ්තුව
පාලිත ඩුබායි Sunday, 10 June 2012 12:38 PM
අම්මේ... දැන්නම් ටීවී එක රෙපයාර් කරලා ගන්නඕන කාලෙ ඇවිත් වගේ
ලක්ෂිත Sunday, 10 June 2012 12:51 PM
නියමයි වීරයිනේ
ප්‍රියන්ත Sunday, 10 June 2012 12:44 PM
තිසර දක්සයෙක්.එයා ඊළගට නායකයා වෙනවා
රේෂාන් Sunday, 10 June 2012 01:14 PM
නියමයි කොල්ලනේ
කොසා Sunday, 10 June 2012 01:20 PM
කුලසේකර, මේ ඔබගේ හොදම කාලයයි
රොම්පියා Sunday, 10 June 2012 02:19 PM
ඔහොම යන්
ජාෆර් අලි Sunday, 10 June 2012 04:29 PM
වීරයන්ට අපේ සුභ පැතුම්!
ෂෙරීෆ් Saturday, 09 June 2012 10:50 PM
ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කන්ද උඩට ජනතාවගෙන් උණුසුම් සුබ පැතුම්.
රොෂාන් අසංක Saturday, 09 June 2012 11:31 PM
නියමයි... ඊළග එකත් දිනමු...!!!
පැට්‍රික් Saturday, 09 June 2012 11:04 PM
නියමයි අනිත් ක්‍රීඩකයින්ද දස්කම් පෙන්විය යුතුයි...
ලෙස්ටර් Sunday, 10 June 2012 12:37 AM
දිල්ශාන් පුතා නුඹ කවදත් වීරයෙක්.. ජය වේවා..!!
ෂෙහාන් Sunday, 10 June 2012 09:05 PM
ඩිල්ශාන්, මහේල, තිසර වැඩ පෙන්නුවා ඊළඟ තරගයේදී සංගගෙ වැඩ බලාගන්න පුලුවන් වෙයි. සුබ පතනවා
මාමා Monday, 11 June 2012 01:30 PM
සන්ජීව , ඔයාට පිස්සුද ? හැටිද ?????
දෙව්මිත් විතානගේ Sunday, 10 June 2012 02:24 AM
ඩිල්ශාන් මුලින් වැඩි ලකුණු ප්‍රමාණයක් ගැහුවොත් හැමදාම දිනුම්. ඔයාට තෙරුවන් සරණින් තව ගොඩක් කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩාකරන්න ලැබේවා.
සුභාෂිනී Sunday, 10 June 2012 03:09 AM
තිසර ඇතුළු හැමෝම හොඳට ක්‍රීඩා කළා. ඔහොම යමු.
දිනුක Sunday, 10 June 2012 05:49 AM
එල කොල්ල එලා,ඔහොම යං ඔහොම යං
දිලීප ලක්ෂාන් Sunday, 10 June 2012 07:29 AM
තිසර අයියේ අනිත් තරඟයත් හොඳට සෙල්ලම් කරන්න.
සංඡය Sunday, 10 June 2012 08:24 AM
දිනනකොට හොදයි.... පරදිනකොට බනිනවා... හරිම කැතයි...දිනුම වගේම පැරදුමත් උපේක්ෂායෙන් විදින්න අපේ අය කවද පුරැදු වෙයිද??????
ජීවන් Monday, 11 June 2012 09:46 PM
එල කිරිනේ...ඔහොම යන්...
අජිත් Sunday, 10 June 2012 09:24 AM
නියම කොල්ලෝ. සංගා මොනවද කරන්නේ. අපේ මහේල නියමයි.
රුබේෂ් Sunday, 10 June 2012 10:57 AM
සංජය හරියටම හරි
චානක Monday, 11 June 2012 02:35 PM
කාණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කළ බවක් පෙණුනා ඒක තමයි ජයග්‍රහණයට හේතුව.
Chanaka Sandaruwan Monday, 11 June 2012 01:55 PM
කාණ්ඩායම් හැඟීෙමන් ක්‍රීඩා කළ බවක් ෙපණුනා එ්ක තමයි ජයග්‍රහණයට ෙහ්තුව