ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය සිඞ්නිහිදී අද (26) පැවැත්වේ. මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.05 ට පමණ ආරම්වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා යොවුන් පිතිකරු කුසල් ජනිත් අද තරගයේදී බොහෝ විට තිලකරත්න ඩිල්ෂාන් සමග ආරම්භක පිතිකරු ලෙස පන්දුවට පහරදීමට ඉඩ ඇති බව වාර්තා වේ.
එක්දින තරගාවලියට සහභාගි නොවූ ප‍්‍රවේගකාරි පිතිකරු ෂෝන් මාෂ් අද තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. ෂෝන් මාෂ් එරට දේශිය විස්සයි20 තරගාවලිය වන බිග් බෑෂ් තරගාවලියේදී ලකුණු 412 ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව නැවතත් සංචිතයට පැමිණීම නිසා ශ‍්‍රී ලංකා පිල ඒ පිළිබ`දව දැඩි අවධානය යොමු කළ යුතුය.
ඕස්ටේ‍්‍රලියාව සහ ශ‍්‍රී ලංකාව අතර මේ දක්වා විස්සයි20 තරග 6 ක් පවත්වා ඇති අතර ඉන් තරග හතරක් ජය ලැබීමට ශ‍්‍රී ලංකාව සමත්ව ඇති අතර දෙරට අතර අවසන් වරට 2011 වසරේ අපේ‍්‍රල් මස පැවැති අවසන් විස්සයි20 තරග දෙකෙන්ම ශ‍්‍රී ලංකාව ජය ලබා තිබේ.
ශ‍්‍රී ලංකා සංචිතය:
ඇන්ජලෝ මැතිව්ස් (නායක), මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, අකිල ධනංජය, අජන්ත මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, රංගන හේරත්, කුසල් ජනිත් සහ ශාමින්ද එරංග
ඕස්ටේ‍්‍රලියානු සංචිතය:
ජෝජ් බේලි (නායක), බෙන් කටින්, සේවියර් ඩොහර්ටි, ජේම්ස් ෆොල්ක්නර්, අරොන් ෆින්ච්, බෙන් ලෝෆ්ලින්, ෂෝන් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, මිචෙල් ස්ටාක්, ඇඩම් වෝජස්, මැතිව් වේඞ් සහ ඬේවිඞ් වෝනර්
2025 දෙසැම්බර් මස 16
47
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා - ඕස්ටේ‍්‍රලියා පළමු විස්සයි20 තරගය අද
කමල් Saturday, 26 January 2013 01:49 PM
මැතිව්ස් සහ අපේ කණ්ඩායමට සුභ පැතුම්! (නි)