ශ්රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය බි‍්‍රස්බේන්හිදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස අද (18) පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.50 ට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව තරගයක් බැගින් ජය ලබා 1-1 ක් ලෙස තරගාවලිය සම තත්ත්වයේ පැවතීම නිසා තරගාවලියේ ඉදිරියට යෑමට මෙම තරගයේ ජයග‍්‍රහණය කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත් වී තිබේ.
ආබාධයකට ලක්වීම නිසා දෙවැනි එක්දින තරගයෙන් ඉවත්ව සිටි යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් අද පෙරවරුවේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකට සහභාගිවීමට නියමිත අතර එය සමත් වුවහොත් කඩුලූ රකින්නා ලෙස කණ්ඩායමට එක්වීමට නියමිතය.
පළමු එක්දින තරග දෙකට සහභාගි නොවූ ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රබල පිතිකරුවන් වන නායක මයිකල් ක්ලාක්, ඬේවිඞ් වෝනර් සහ මැතිව් වේඞ් අද තරගයට සහභාගි වීමට සූදානමින් සිටිති.
ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රබල වේග පන්දු යවන්නන් වන මිචෙල් ජොන්සන් සහ මිචෙල් ස්ටාක් සුළු ආබාධ තත්ත්වයකින් සිටිය ද මෙම තරගයට ක‍්‍රීඩා කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මෝසස් හෙන්ද්‍රික්ස් හෝ බෙන් කටින් වේග පන්දු බලැණිය ශක්තිමත් කිරීමට කණ්ඩායමට එක්වීමට නියමිතය.
ශ‍්‍රී ලංකා සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, අකිල ධනංජය, අජන්ත මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, රංගන හේරත්, කුසල් ජනිත් සහ ශාමින්ද එරංග
ඕස්ටේ‍්‍රලියානු සංචිතය:
මයිකල් ක්ලාක් (නායක), ඬේවිඞ් වෝනර්, පිලිප් හියුස්, ජෝජ් බේලි, ඬේවිඞ් හසී, මැතිව් වේඞ්, ග්ලේන් මැක්ස්වෙල්, මොයිසස් හෙන්ද්‍රික්ස්, මිචෙල් ජොන්සන්, මිචෙල් ස්ටාක්, ක්ලින්ට් මැකේ සහ ෂේවියර් ඩොහර්ටි සහ බෙන් කටින්
2025 දෙසැම්බර් මස 16
38
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
835
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශ්රී ලංකා - ඕස්ටේ‍්‍රලියා තුන්වැනි එක්දින තරගය අද