IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යයි

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලට එරෙහිව ජූනි මස 5 වැනිදා ආරම්භ වන තරග සංචාරයට සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල අද (31) පෙරවරුවේ පිටත්ව ගියේය.

මෙම සංචාරයට නිල නොවන ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුළත් වේ. පළමු නිල නොවන ටෙස්ට් තරගය ජූනි මස 5 වැනිදා ශාන්ත කිට්ස්හිදී ආරම්භ වේ. විස්සයි20 තරග දෙක ජූනි මස 18 සහ 19 දෙදින පැවැත්වෙන අතර එක්දින තරගාවලිය ජූනි මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ.

විස්සයි20 සහ එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා ක‍්‍රීඩකයන් 7 දෙනකු සිවුදින තරගාවලියෙන් පසුව කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතය.  

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම:
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ පෙරේරා (උප නායක), උදාර ජයසුන්දර, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, කෞෂාල් සිල්වා, චතුරංග ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, තරිඳු කෞෂාල්, මාලින්ද පුෂ්පකුමාර, සුරංග ලක්මාල්, මධුර ලක්මාල්, ළහිරු ගමගේ, ඉෂාන් ජයරත්න සහ විමුක්ති පෙරේරා

 

ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිලේ නායක දිමුත් කරුණාරත්න

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිල ආගමික වතාවත්වල යෙදෙමින්...

 

 

 

 

 

 

 



අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිල බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යයි

දිසානායක Friday, 31 May 2013 10:44 PM

ඉල්ලගෙන කාලා එහෙම එන්න නම් එපා මේපාරත් (නි)

:       0       0

විමුක්ති Saturday, 01 June 2013 02:36 PM

ඇන්ජලෝ පෙරේරා, කෞෂාල් සිල්වා, දිමුත් ,අශාන් ප්‍රියන්ජනට ඉක්මනින්ම ශ්‍රී ලංකා පිලේ දොරගුළු ඇරේවි.(ස)

:       0       0

සුරේෂ් Saturday, 01 June 2013 02:49 PM

ඇන්ජලෝ ඔබට සුබ පැතුම්. ! (ස)

:       0       0

දිනේෂ් - යුකේ Saturday, 01 June 2013 01:17 AM

කෝ රමිත රඹුක්වැල්ල නැද්ද? (නි)

:       0       0

කුමාර Saturday, 01 June 2013 09:29 AM

ජයසුරිය , රඹුක්වෙල්ලට මොකද උනේ .(අ)

:       0       0

සිල්වා Saturday, 01 June 2013 10:02 AM

හොඳට සෙල්ලම් කරන්න බලන්න. ජාතික කණ්ඩායමට ඇතුල්වෙන්න හොඳ අවස්ථාවක්. (ස)

:       0       0

මොහොමඩ් Saturday, 01 June 2013 11:30 AM

සුබ පැතුම්. පෙරටම යමු ලංකා !(ස)

:       0       0

සනත් Saturday, 01 June 2013 11:39 AM

ජාතික කණ්ඩායමට ඇතුළුවෙන්න දක්ෂතා විතරක් තිබිල මදි, ............."එක මතක තිය ගන්න." (ස)

:       0       0

මහින්ද Saturday, 01 June 2013 01:24 PM

විනය මුල්තැනට.! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site