IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා එංගලන්ත මිත්‍රත්ව සංගමයේ මුල් පුටුව චන්දිමට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ගාලු දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස  පත් කරනු ලැබීය.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය  ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන   එස්.එම්.එම්. මුෂාරෆ් සහ  අශෝක් අබේසිංහ යන මහත්ම මහත්මීහු  මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත්වුහ. එම්.ඒ. සුමන්තිරන් මහතා ලේකම්වරයා ලෙසත්,  හර්ෂණ රාජකරුණා මහතා සහකාර ලේකම්වරයා ලෙසත් පත් කෙරුණු  අතර, භාණ්ඩාගාරික ලෙස පත්කෙරුණේ  සාගර කාරියවසම් මහතාය.

ශ්‍රී ලංකා - එක්සත් රාජධානි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.  ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ වැඩබලන මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් මහත්මියමෙම රැස්වීමේ  ප්‍රධාන ආරාධිත අමුත්තිය  ලෙස සහභාගී වූවාය. රැස්වීමට  නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ, මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.



අදහස් (1)

ශ්‍රී ලංකා එංගලන්ත මිත්‍රත්ව සංගමයේ මුල් පුටුව චන්දිමට

de silva Tuesday, 15 August 2023 12:02 PM

දෙස්පාලුවෙක් මේ වැඩේට සම්බන්ධ කරගත්තේ ?මේ වැඩේට වෙන මනුස්සයෙක් හිටියෙම නැද්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site